Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශර්මා - යාදව් ඉන්දියාව දිනවති

ශර්මා - යාදව් ඉන්දියාව දිනවති

රොෂාන් ගුණරත්න - 2018 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත කණ්ඩායමට එරෙහිව නොටිහැම්හි ටේ‍රන්ට් බි්‍රජ් ක්‍රීඩාංගණයේදී ඊයේ (12 වැනිදා) පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 269 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම ඕවර 40.1 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා පන්දු 114 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 15 ක් සමගින් නොදැවී ලකුණු 137 ක් රැස්කළේය. 

ශිකර් ධවාන් (40) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ශර්මා, ඉන් නොනැවතී නායක විරාට් කෝලි (75) සමග එක්ව පන්දු 149 කදී ලකුණු 167 ක සමබන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 82 කට මුහුණදුන් කෝලි සිය අර්ධ ශතකය හතරේ පහර 7 කින් සැරසූ අතර පන්දු 27 කදී වාර්තා වූ ධවාන්ගේ ඉනිමට හතරේ පහර 8 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ඕවර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 268 ක් රැස්කළ අතර එහිදී බෙන් ස්ටෝක්ස් (50) සහ ජෝස් බට්ලර් (53) එංගලන්තය වෙනුවෙන් අර්ධ ශතක ලබාගත්හ. 

මෙම තරගයේදී සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කළ කුල්දීප් යාදව් ලකුණු 25 කට කඩුලු 6 ක් බිඳහෙළමින් එංගලන්ත පිතිකරුවන් පීඩනයට පත් කළේය. එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභින් බවට පත්වූ ස්ටෝක්ස් සහ බට්ලර් දැවී ගියේද යාදව්ගේ පන්දු හමුවේය. 

එංගලන්තය - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 268 
(ජේසන් රෝයි 38, ජොනී බෙයාස්ට්‍රෝ 38, ඔයින් මෝගන් 19, බෙන් ස්ටෝක්ස් 50, ජොස් බට්ලර් 53, මුයින් අලී 24, ආදිල් රෂීඞ් 22, කුල්දීප් යාදව් 25/6, උමේෂ් යාදව් 70/2) 

ඉන්දියාව - ඕවර 40.1 කදී කඩුලු 2 ක් දැවී 269 
(රෝහිත් ශර්මා නොදැවී 137, ශිකර් ධවාන් 40, විරාට් කෝලි 75) 

-036 


අදහස් (0)

ශර්මා - යාදව් ඉන්දියාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.