Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දණහිසේ ආබාධයක් හේතුවෙන් ඉන්දීය පිලේ ප‍්‍රධානතම වේග පන්දු යවන්නා වන ඉෂාන්ත් ෂර්මාටත් පාදයේ වළලූ කර ආබාධයක් හේතුවෙන් පාකිස්තානු ආරම්භක පිතිකරු මොහොමඞ් හෆීස්ටත් ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබේ.
නවසීලන්ත පිලට එරෙහිව නේපියර්හිදී පැවැති දෙවැනි එක්දින තරගයේදී හෆීස් තුවාල ලැබීය. මේ වන විට 34 හැවිරිදි කී‍්‍රඩකයකු වන හෆීස්ට මෙම ආබාධය නිසා සති තුනක කාලයක් විවේකව සිටින ලෙස වෛද්‍ය උපදෙස් ලැබ තිබේ.
”තියෙන පළමු වැනි ගුවන් යානයෙන්ම හෆීස් ගෙදර යනවා. ඔහු වෙනුවට කී‍්‍රඩා කිරීම සඳහා නසීර් ජම්ෂෙඞ්ව අප තෝරාගෙන තියෙනවා” යයි පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
හෆීස් තුවාල ලැබීම පාකිස්තානු පිලේ ලෝක කුසලාන බලාපොරොත්තු වෙනුවෙන් වැදුණු සිවුවැනි පහරයි.
පාකිස්තානයේ සිටින වඩාත්ම පළපුරුදු වේග පන්දු යවන්නා වන උමාර් ගුල්ගේ දණහිසේ ආබාධයක් හේතුවෙන් ඔහුව ලෝක කුසලාන තරගාවලිය සඳහා තෝරා නොගැණින. ජුනයිඞ් ඛාන්ටද සිය පාදයේ ආබාධයෙන් නිසි සුවය ලබාගැනීමට නොහැකි වීම නිසා සංචිතයෙන් ඉවත් වීමට සිදුවිය.
පාකිස්තානයේ සිටින දක්‍ෂතම පිට දග පන්දු යවන්නා වන සයීඞ් අජ්මල්ට තමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි යයි නියමිත කාලයට පෙර තහවුරු කර ගැනීමට නොහැකි වීම නිසා කල්තබාම ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් වූ නමුත් ඔහුගේ පන්දු යැවීම නීත්‍යානුකූල යයි සෙනසුරාදා (7 වැනිදා) අන්තර්ජාතික කි‍්‍රකට් සභාව නිවේදනය කළේය.
තුවාල ලත් ඉෂාන්ත් ෂර්මා වෙනුවට මෝහිත් ෂර්මා කණ්ඩායමට එක් කිරීමට ලෝක කුසලාන තරගාවලියේ සංවිධායකයන්ගෙන් ඉන්දීය පිලට අද (8 වැනිදා) අවසර ලැබිණ. මෙම දණහිසේ ආබාධය නිසා ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති අවසන් ටෙස්ට් තරගයට කී‍්‍රඩා කිරීමේ අවස්ථාවත් ඉෂාන්ත් ෂර්මාගෙන් ගිළිහී ගියේය.
ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තයට එරෙහිව පැවැති තුන්කොන් තරගාවලිය සඳහා ඕස්ටේ‍්‍රලියාවට පැමිණි මෝහිත් ෂර්මා, 26 හැවිරිදි කී‍්‍රඩකයෙකි. එක්දින තරග 12 කට කී‍්‍රඩා කළ මෝහිත් කඩුලූ 10 ක් දවාගෙන තිබේ.
ලෝක කුසලාන තරගාවලිය ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදීත් (එංගලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව අතර) නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නුවරදීත් (ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර) මේ මස 14 වැනිදා ආරම්භ වේ. එහෙත් තරගාවලියේ වඩාත්ම උණුසුම් තරගයක් විය හැක්කේ 15 වැනිදා ඇඩිලේඞ් නුවරදී පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.