Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රීමාලිට පොදුරද මඩුලු රන් පදක්කමක්
පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලිය

ශ්‍රීමාලිට පොදුරද මඩුලු රන් පදක්කමක්

editorial - 2021 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උස්බෙකිස්ථානයේ ‘ටෂ්කන්ට්’ නුවරදී දැන් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා ශ්‍රීමාලි සමරකෝන් කිලෝග්‍රෑම් 45 (කාන්තා) බර පංතියෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ඊයේ (9) සමත් වූවාය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල කළමනාකරණ පීඨයේ සිසුවියක් වන 22  හැවිරිදි ශ්‍රීමාලි සිය ඉසව්වේ කිලෝග්‍රෑම් 136ක් දක්වා බර උහුලමින් දැක්වූ දක්ෂතාව හමුවේ වසර 2022 එංගලන්තයේ ‘බර්මින්හැම්’ නුවරදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලටද නිර්දේශ ලබා ගත්තාය.

මෙම ක්‍රීඩිකාව මීට පෙරත් ශ්‍රී  ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර බර ඉසිලීමේ තරගාවලි කීපයකදීම දස්කම් දක්වා තිබේ.

ඒ අතර වසර 2015 සැමෝවාහිදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා  උළෙලේදී හා වසර 2019 දකුණු  ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම් දිනා ගැනීමට සමත්වීමත් කැපීපෙනේ.

ශ්‍රී ලංකා බර ඉසිළීමේ වර්තාලාභිණියක් ලෙස ඇය මේ වනවිට කිලෝග්‍රෑම් 48 (කාන්තා) බර පංතියේ ශ්‍රී ලංකා වාර්තාවටද හිමිකම් කියන්නීය.

ටෂ්කන්ට්  නුවරදී දැන් පැවැත්වෙන මෙම තරගාවලියට සමගාමීව එහිදීම, ලෝක ශූරතා බර ඉසිළීම ශූරතා තරගාවලියක් පැවැත්වේ. මෙම 17 වැනිදා දක්වා පැවැත්වෙන තරග මාලාවට ශ්‍රී ලංකාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසි දෙනකුගේ කණ්ඩායමක් නිර්දේශ කර තිබුණි.

- 223


අදහස් (0)

ශ්‍රීමාලිට පොදුරද මඩුලු රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.