Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වෙන දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය වූ අද (20 වැනිදා) තවත් රන් පදක්කම් 7 ක්, රිදී පදක්කම් 16 ක් සහ ලෝකඩ පදක්කම් 28 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. දෙවැනි දිනය නිමාවන විට පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටින ශ්‍රී ලංකාව රන් පදක්කම් 14 ක්, රිදි පදක්කම් 32 ක් සහ ලෝකඩ පදක්කම් 52 ක් සමගින් දිනා සිටින පදක්කම් සංඛ්‍යාව 98 කි.
අද දිනයේදී බාලක වයස 18 න් ඉහළ මීටර් 200 නිදහස් ආර ඉසව්වට සහ බාලක වයස 18 න් ඉහළ මීටර් 200 කේවල මිශ්‍ර ආර ඉසව්වට සහභාගි වූ මැතිව් අබේසිංහ එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම් දෙකක් දිනාගැනීමට සමත් විය.
කිමිකෝ රහීම් (බාලිකා වයස 18 න් පහළ - මීටර් 100 නිදහස් ආර), කයිල් අබේසිංහ (බාලක වයස 18 න් පහළ - මීටර් 100 නිදහස් ආර) සහ අකලංක පීරිස් (බාලක වයස 18 න් පහළ - මීටර් 50 පසුපස ආර) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද රන් පදක්කම් දිනාගත්හ.
විවෘත කාන්තා මීටර් 1 දුනු පුවරුව පිනුම් ඉසව්වට සහභාගි වූ යශෝධා ද සිල්වා එහිදී රන් පදක්කමක් දිනාගත් අතර එය මෙම තරගාවලියේදී ඇය දිනාගත් දෙවැනි රන් පදක්කම විය.
අද දිනයේදී ශ්‍රී ලංකාවට හිමිවූ අවසන් රන් පදක්කම දිනාගත්තේ මිශ්‍ර වයස 18 න් පහළ මීටර් 400 නිදහස් ආර සහය පිහිනුම් ඉසව්වෙනි. එහිදී කිමිකෝ රහීම්, විනෝලි කළුආරච්චි, කයිල් අබේසිංහ සහ අකලංක පීරිස් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ.
ඒ අනුව මෙම තරගාවලියේදී මේ දක්වා රන් පදක්කම් 4 ක් දිනාගැනීමට කයිල් අබේසිංහ සමත්ව සිටින අතර රන් පදක්කම් 3 බැගින් දිනාගැනීමට මැතිව් අබේසිංහ, කිමිකෝ රහීම් සහ අකලංක පීරිස් සමත්ව සිටිති.
රන් පදක්කම් 66 ක්, රිදී පදක්කම් 47 ක් සහ ලෝකඩ පදක්කම් 11 ක් සමගින් පදක්කම් 124 ක් දිනා සිටින ඉන්දියාව තවදුරටත් පදක්කම් සටහනේ පෙරමුණේ පසුවෙයි. සිය පදක්කම් ගොන්නට දිනයේදී අලුතින් රන් පදක්කම් 34 ක්, රිදී පදක්කම් 24 ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් එක්කර ගැනීමට ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
පදක්කම් සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වල රැදී සිටින බංග්ලාදේශයට සහ පාකිස්තානයට ඊයේ දිනයේදී එකම රන් පදක්කමක් හෝ දිනාගැනීමට නොහැකි විය. බංගලාදේශයට ලෝකඩ පදක්කම් 2 කින්ද සහ පාකිස්තානය ලෝකඩ පදක්කමකින්ද සෑහීමකට පත්වීමට සිදුවිය.
ඒ අනුව දෙවැනි දිනය අවසානයේ රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3 ක් සමගින් පදක්කම් 5 ක් දිනාගැනීමට බංගලාදේශය සමත් වෙද්දී, රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් සමගින් පදක්කම් 2 ක් දිනාගැනීමට පාකිස්තානය සමත් වී තිබේ.
අද දිනයේදී දිනාගත් රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම් 3 සමගින් සිය මුලු පදක්කම් සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළ දමාගත්තද, තවමත් රන් පදක්කමක් දිනාගැනීමට අපොහොසත් වීම නිසා දෙවැනි දිනය අවසන් වන විටත් මාලදිවයිනට පදක්කම් සටහනේ එක් ස්ථානයකින් හෝ ඉදිරියට පැමිණීමට නොහැකි වී තිබේ.
පදක්කම් සටහන (දෙවැනි දිනය අවසානයේ)
රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
ඉන්දියාව | 66 | 47 | 11 | 124 |
ශ්‍රී ලංකාව | 14 | 32 | 52 | 98 |
බංග්ලාදේශය | 1 | 1 | 3 | 5 |
පාකිස්තානය | 1 | 0 | 1 | 2 |
මාලදිවයින | 0 | 1 | 10 | 11 |
(ඡායාරූප - ශානුක අරවින්ද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.