Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට පහසු ජයග්‍රහණ දෙකක්

ශ්‍රී ලංකාවට පහසු ජයග්‍රහණ දෙකක්

Nisanka Sandeepani - 2019 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩේවිස් කුසලාන කනිෂ්ඨ තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන පූර්ව සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ‘ඩී’ කාණ්ඩයේ මූලික තරග දෙකකදී ඕමානය සහ බහරේනය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට චාතූර්ය නිලවීර, ටෙහාන් විජේමාන්න, ධිල්වන් හේරත් සහ නේලක දිසානායක ඇතුළත්ව සිටිති. කණ්ඩායමේ ක්‍රීඩා නොකරන නායකයා ලෙස සුදන්ත සොයිසා කටයුතු කරයි.

මෙම තරගාවලියේ රටවල් දෙකක් අතර පූර්ණ තරගයක් කේවල තරග 2 කින් සහ යුගල තරගයකින් සමන්විත වේ. ඊයේ (4 වැනිදා) පැවැති පළමු පූර්ණ තරගයේදී 3-0 ක් ලෙස ඕමානය පරාජය කළ ශ්‍රී ලංකාව, අද (5 වැනිදා) පැවැති දෙවැනි පූර්ණ තරගයේදී 3-0 ක් ලෙස බහරේනය පරාජය කළේය.

‘ඩී’ කාණ්ඩය යටතේ පැවැත්වෙන මූලික වටයේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර හෙට (6 වැනිදා) කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මේ වන විට ශ්‍රී ලංකාව මෙන්ම මැලේසියාවද අපරාජිතව සිටින බැවින් එම තරගයෙන් ජයගන්නා කණ්ඩායමට ‘ඩී’ කාණ්ඩයේ පෙරමුණ හිමිවනු ඇත.

තරග ප්‍රතිඵල

ඕමානයට එරෙහිව තරග 3-0 ක ජයක්
■    චාතූර්ය නිලවීර විසින් වට 2-0 ක් ලෙස මාර්වන් ෆායිස් පරාජය කරන ලදි. (6/1, 6/0)
■    ටෙහාන් විජේමාන්න විසින් වට 2-0 ක් ලෙස මුනීර් තුෆායිල් පරාජය කරන ලදි. (6/1, 6/3)
■    ධිල්වන් හේරත් සහ චාතූර්ය නිලවීර විසින් වට 2-0 ක් ලෙස අමූර් අල් හජ්රි සහ මාර්වන් ෆායිස් පරාජය කරන ලදහ. (6/0, 6/0)

බහරේනයට එරෙහිව තරග 3-0 ක ජයක්
■    ටෙහාන් විජේමාන්න විසින් වට 2-0 ක් ලෙස මොහොමඞ් අල්ඛාන් පරාජය කරන ලදි. (6/0, 6/0)
■    ධිල්වන් හේරත් විසින් වට 2-0 ක් ලෙස අලි අල් ශරීෆ් පරාජය කරන ලදි. (6/1, 6/0)
■    ධිල්වන් හේරත් සහ චාතූර්ය නිලවීර විසින් වට 2-0 ක් ලෙස අලි අල් ශරීෆ් සහ අබ්දුල්ලා නාස් පරාජය කරන ලදහ. (6/0, 6/0)


අදහස් (0)

ශ්‍රී ලංකාවට පහසු ජයග්‍රහණ දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.