Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට රන් පදක්කමක් රිදී පදක්කම් 3 ක්
දකුණු ආසියානු යොවුන් මේසපන්දු තරගාවලිය

ශ්‍රී ලංකාවට රන් පදක්කමක් රිදී පදක්කම් 3 ක්

editorial - 2024 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

දකුණු ආසියානු මේසපන්දු සම්මේලනයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා මේපන්දු සංගමය සංවිධානය කරන දකුණු ආසියානු යොවුන් මේසපන්දු තරගාවලියේ කණ්ඩායම් ඉසව්වේදී රන් පදක්කමක් සහ රිදී පදක්කම් 3 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. 

එහිදී වයස 19 න් පහළ බාලක කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාව සතු වූ අතර වයස 19 න් පහළ බාලිකා, වයස 15 න් පහළ බාලක සහ වයස 15 න් පහළ බාලිකා යන කණ්ඩායම් ඉසව්වලදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් හිමිවිය. 

වයස 19 න් පහළ බාලක කණ්ඩායම් ඉසව්වට ඉන්දියාව සහභාගි නොවූ අතර රටවල් 5 ක් පමණක් සහභාගි වීම හේතුවෙන් එය ලීග් ක්‍රමයට අනුව පැවැත්විණ. සහභාගි වූ තරග 4 ම ජයගත් ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රීඩකයෝ රන් පදක්කම දිනාගැනීමට සමත් විය. 

එහිදී තරග වට 3-0 කින් මාලදිවයිනත්, තරග වට 3-2 කින් බංග්ලාදේශයත්, තරග වට 3-1 ක් ලෙස නේපාලයත්, පාකිස්තානය 3-0 කින්ද පරාජයට පත්කරමින් අපරාජිත බව රැකගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. 

වයස 19 න් පහළ බාලිකා අවසන් මහ තරගයේදී තරග වට 3-0 ක් ලෙසත්, වයස 15 න් පහළ බාලක අවසන් මහ තරගයේදී තරග වට 3-1 ක් ලෙසත්, වයස 15 න් පහළ බාලිකා අවසන් මහ තරගයේදී තරග වට 3-0 ක් ලෙසත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉන්දීය කණ්ඩායම් හමුවේ පරාජයට පත්වූහ. 

මේ අතර තරගාවලියේ යුගල ඉසව්වල අවසන් පූර්ව තරග අද (28 වැනිදා) පැවැති අතර එහිදී වයස 15 න් පහළ බාලිකා යුගල, වයස 15 න් පහළ මිශ්‍ර යුගල සහ වයස 19 න් පහළ මිශ්‍ර යුගල යන ඉසව්වල අවසන් මහ තරග සඳහා සුදුසුකම් ලබාගැනීමටද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. 


අදහස් (0)

ශ්‍රී ලංකාවට රන් පදක්කමක් රිදී පදක්කම් 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.