Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

editorial - 2024 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

රුසියාවේ සකලින්ස්ක් නුවදී පැවැත්වෙන ඈත පෙරදිග ජාත්‍යන්තර බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක සුපුන් සෝමතිලක කිලෝග්‍රෑම් 55 බර පංතිය (පිරිමි) ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය. ඔහු දිනා ගත් පළමු ජාත්‍යන්තර පදක්කම මෙයයි.

කිලෝග්‍රෑම් 233 ක බරක් ඔසවමින් ඔහු මෙම රන් පදක්කම දිනා ගනිද්දී රිදී පදක්කම ලද කසකස්ථාන ක්‍රීඩක නූර්බොල්ගේ දක්ෂතාවය වූයේ කිලෝග්‍රෑම් 223 කි.

මෙම තරගාවලියේදී  කිලෝග්‍රෑම් 61 (පිරිම්) බර පංතියෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක සඳූ ජයවර්ධන කිලෝග්‍රෑම් 254 ක බරක් ඔසවමින් රිදී පදක්කමක් දිනා ගත්තේය.  එහි රන් පදක්කම දිනාගත් කසකස්තාන ක්‍රීඩක මක්සට් එහිදී කිලෝග්‍රෑම් 257 ක බරක් එසවීමට සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකා උපමාලිකා ගුණතිලක කිලෝග්‍රෑම් 45 බර පංතිය (කාන්තා) ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කර ගත්තාය. 

ජී.කේ. ශ්‍රීමාල් හෙට (2) දිනයේදී තරගාවලියට සහභාගි  වන සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයායි. 

තරග සංවිධායකයන්ගේ අනුග්‍රාහයෙන් ශ්‍රී ලංකාව මෙම බර ඉසිළීමේ තරගාවලියට සහභාගිවී සිටියි.
          

රිදී පදක්කම්ලාභී සදු ජයවර්ධන 

 


ලෝකඩ පදක්කම්ලාභීණිය උපමාලිකා ගුණතිලක


අදහස් (0)

ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.