Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය වන අද (19 වැනිදා) තරග අවසන් වන විට රන් පදක්කම් 7 ක්, රිදී පදක්කම් 16 ක් සහ ලෝකඩ පදක්කම් 24 ක් සමගින් පදක්කම් 47 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
රන් පදක්කම් 32 ක් දිනාගනිමින් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් විය. රිදී පදක්කම් 23 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් සමගින් දෙවැනි දිනය අවසානයේ ඉන්දියානුවන් දිනාසිටි සම්පූර්ණ පදක්කම් සංඛ්‍යාව 60 කි.
ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයට පත්ව සිටියි.
බංගලාදේශය සහ පාකිස්තානය රන් පදක්කමක් බැගින් දිනා සිටියද රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක්ද දිනා තිබීම හේතුවෙන් බංගලාදේශය පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයට පත්ව සිටියි. පාකිස්තානය තවමත් රිදී හෝ ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත්ව නැත. ලෝකඩ පදක්කම් 7 ක් දිනා සිටින මාලදිවයින පදක්කම් සටහනේ අවසන් ස්ථානයේ පසුවෙයි.
බාලක වයස 18 න් පහළ මීටර් 200 නිදහස් ආර ඉසව්වට සහ බාලක වයස 18 න් පහළ මීටර් 200 මිශ්‍ර ආර ඉසව්වට සහභාගි වූ කයිල් අබේසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම් දෙකක් දිනාගැනීමට සමත් විය.
රමුදි සමරකෝන් (බාලිකා වයස 15 න් පහළ මීටර් 200 පසුපස ආර), අකලංක පීරිස් (බාලක වයස 18 න් පහළ මීටර් 50 සමනල ආර), මැතිව් අබේසිංහ (බාලක වයස 18 න් ඉහළ මීටර් 100 සමනල ආර), කිමිකෝ රහීම් (බාලිකා වයස 18 න් පහළ මීටර් 200 නිදහස් ආර) යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිහිනුම් ඉසව්වෙන් රන් පදක්කම් දිනාගත් අතර යශෝධා ද සිල්වා (මීටර් 3 විවෘත දුනු පුවරුව) පිනුම් ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත්තාය.
රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
ඉන්දියාව | 32 | 23 | 05 | 60 |
ශ්‍රී ලංකාව | 07 | 16 | 24 | 47 |
බංග්ලාදේශය | 01 | 01 | 01 | 03 |
පාකිස්තානය | 01 | 00 | 00 | 01 |
මාලදිවයින | 00 | 00 | 07 | 07 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.