Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට රන් පදක්කම් 8 ක්

ශ්‍රී ලංකාවට රන් පදක්කම් 8 ක්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


වස්කඩුව  සිට්රස්  හෝටලයේදී  නිමාව  දුටු  බටහිර  ආසියානු  වේග (rapid ) චෙස්  තරගාවලියේ   පදක්කම්  36 න්  පදක්කම්  25 ක්  දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

පදක්කම්  36 ක් වෙනුවෙන්  පැවති  මේ  චෙස්  තරගාවලියේ  ශ්‍රී  ලංකාව  පදක්කම්  25 ක් දිනාගනිද්දී  තරගාවලියට  සහභාගිවූ  ඉන්දියාව  පදක්කම්  5 ක්ද   එක්සත්  අරාබි  එමීර්  රාජ්‍ය  පදක්කම්   3ක්ද බංගලාදේශය පදක්කම් 2ක්ද  කිරිගිස්ථානය  පදක්කමක්ද  දිනාගත්තේය .

ශ්‍රී  ලංකාව  දිනාගත්  පදක්කම්  25 ට  රන්  පදක්කම් 8ක් , රිදී  පදක්කම් 8ක් සහ  ලෝකඩ  පදක්කම්  9ක්  ඇතුළත් විය.

ඉන්දියාව  දිනාගත්  පදක්කම් 5 ට   රන්  පදක්කම් 2ක්, රිදී  පදක්කමක් සහ ලෝකඩ  පදක්කම් 2 ක් ඇතුළත් විය. එක්සත්  අරාබි  එමීර්  රාජ්‍ය  දිනාගත්  පදක්කම්  3 ට  රන්, රිදී හා ලෝකඩ  පදක්කම බැගින්ද  ඇතුළත්වී  තිබුණි

රන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

ටී. ඩි. වික්‍රමරත්න, ලලිඳු  සත්මිණ , එම් . තිසල්  මන්ජිත්  පියුමන්ත, හර්ෂණ  තිලකරත්න, සාලිත  තිලකරත්න, එසන්දී  නෙවන්සා, නික්ලේෂා තරුෂි සහ සයුනි  ගිහන්සා  ජයවීර

රිදී පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

ලිසර  කොඩිතුවක්කු, එම්  සසිත්  නිපුන්  පියුමන්ත, සන්දීප්  දසනායක, කේසරි  ගවේශිකා, දහම්දී  සන්දුලා, සචින්තා  කොඩිකාර, ජී. පී. වයි.  විජේසුරිය සහ දසුනි  හංසිකා  මෙන්ඩිස්

ලෝකඩ පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

කෙවින් රනිඳු සිල්වා, රඝුපරන්  ඉලම්පුරන්, නුරන්  ලක්ෂිත නම්යා  තිලකවර්ධන, ඔනෙලි  වීරවර්ධන, අස්විනි  පවලචන්ද්‍රන්, දෙවනේත්මි  දහම්ප්‍රිය සහ ගොයුමි  සසිකා, ජනන්දනී  අබේසිංහ

 

 

ඡායාරූප - කරන්දෙණිය  එම් .සුසිල්  ප්‍රියන්ත


අදහස් (0)

ශ්‍රී ලංකාවට රන් පදක්කම් 8 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.