Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවේ සොචි නුවර පැවැති ලෝක පාසල් චෙස් තරගාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
වයස 13 න් පහළ බාලක තරගාවලියේදී කුරුණෑගල මලියදේව බාලක විද්‍යාලයේ හර්ෂණ තිලකරත්න රිදී පදක්කම දිනාගත්තේය. එම වයස් කාණ්ඩයේ බාලිකා තරගවලියේදී කොළඹ විශාඛා විද්‍යාලයේ නික්ලේෂා තරුෂි ලෝකඩ පදක්කම දිනාගත්තාය.
|
දෙසැම්බර් මස 2 වැනිදා සිට 11 වැනිදා දක්වා රුසියාවේ සොචි නුවර පැවැති මේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 30 දෙනෙක් සහභාගි වූහ.
මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30 දෙනා අතරින් හර්ෂණ තිලකරත්න තරගාවලිය පුරාම විශිෂ්ට දස්කම් දක්වමින් තමන් මුහුණ දුන් තරගවට 9 න් ලකුණු 7.5 ක් ලබා ගත්තේ තරග 6 ක් ජයග්‍රහණය කරමිනි. ඉතිරි තරගවට 3 න් ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.
2014 වසරේදී ලෝක පාසල් චෙස් තරගාවලියේදී වයස 11 න් පහළ ලෝක පාසල් ශූරයා වූ ඔහු මෙවර ලෝක ශූරතාවය අහිමිකර ගත්තේ ශූරයාට වඩා ලකුණු 0.5 කින් පසුපසින් සිටිමිනි.
ලෝකඩ පදක්කම් ලාභී නික්ලේෂා තරුෂි මේ තරගාවලියේදී තමන් මුහුණ දුන් තරගවට 9 න් ලකුණු 6.5 ක් ලබාගත් අතර එම තරගවට 9 න් තරගවට 6 ක් ජයග්‍රහණය කළය. එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කළ ඇය තරගවට 2 ක් පරාජය වූවාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.