Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕවර 38.4 - ඇෆ්ගනිස්තානය 124/10
ශ්‍රී ලංකා පිල ලකුණු 129 කින් අෆ්ගනිස්තානය පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව මේ වන විට මෙම තරගාවලියේ සහභාගි වූ තරග තුනම ජය ලබා ප‍්‍රසාද ලකුණු 13 ක් සමගින් පළමු ස්ථානයේ රැදී සිටියි.
ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඇෆ්ගනිස්තානු ඉනිම ඕවර 38.4 කදී ලකුණු 124 කට සීමා කරමින් අතිරේක ප‍්‍රසාද ලකුණ ද ලබා ගැනීමට සමත් වූහ.
අජන්ත මෙන්ඩිස් (11/3) තිසර පෙරේරා (29/3) කඩුලූ තුන බැගින් දවා ගැනීමට සමත් වූහ.
----------------------------------------------
ඕවර 20 - ඇෆ්ගනිස්තානය 73/4
ඇෆ්ගනිස්තානය අසීරු අඩියකට ඇද වැටී සිටියේය.
තිසර පෙරේරා (21/2) සහ අජන්ත මෙන්ඩිස් (9/1) ක‍්‍රියාත්මක වෙමින් කඩුලූ තුනක් දවා ගැනීමට සමත් වූහ.
----------------------------------------------
ඕවර 10 - ඇෆ්ගනිස්තානය 39/1
අස්ගර් ස්ටනික්‍ෂයි (නොදැවී 17) සහ නූර් අලී ශදාන් (නොදැවී 14) දෙවැනි කඩුල්ලට ලකුණු 31 ක නොබිඳුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටිති.
මොහොමඞ් ශෂාද්, ඇෆ්ගනිස්තානු පිලේ පළමු කඩුල්ල ලෙස සුරංග ලක්මාල්ගේ පන්දුවකට (07) දැවී ගියේය.
----------------------------------------------
ඕවර 50 - ශ්‍රී ලංකාව 253/6
ඇන්ජලෝ මැතිව්ස් (නොදැවි 45) සහ තිසර පෙරේරා (නොදැවී 19) හත්වැනි කඩුල්ල සදහා ලකුණු 69 ක නොබිඳුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.
ඩවලට් ශදාන් 50 වැනි ඕවරයේ තෙවැනි පන්දුව ඇන්ජලෝ මැතිව්ස්ට බීමර් පනදුවක් යොමු කිරීම නිසා ඔහුගේ පන්දු යැවීම අත්හිටුවීමට විනිසුරු තීරණය කළේය. ඩවලට් ශදාන් ඊට පෙර තිසර පෙරේරාට බීමර් පන්දුවක් යොමුකර තිබුණි.
අවසන් ඕවරයේ ඉතිරි පන්දු හතර නායක මොහොමඞ් නබී යැවීය.
----------------------------------------------
ඕවර 40 - ශ්‍රී ලංකාව 171/5
කුමාර් සංගක්කාර පන්දු 102 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 76 ක් ලබා සිටියදී පස්වැනි කඩුල්ල ලෙස දුවද්දී දැවී ගියේය.
දිනේෂ් චන්දිමාල් ලකුණු 26 ක් ලබා සිටියදී පන්දුව කෙළින්ම කඩුල්ල වැදීමෙන් දැවී ගියේය.
----------------------------------------------
ඕවර 30 - ශ්‍රී ලංකාව 120/3
කුමාර් සංගක්කාර අන්තයක් ආරක්‍ෂා කරමින් ඉනිම ගොඩනගමින් සිටියි.
සංගක්කාර සහ චන්දිමාල් සිවුවැනි කඩුල්ලට ලකුණු 29 ක සම්බන්ධතාවක් ගොඩනගා සිටියහ.
ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන මහේල ජයවර්ධන (14) මුළු ලකුණු සංඛ්‍යාව 83 ක්ව තිබියදී දැවී ගියේය.
----------------------------------------------
ඕවර 20 - ශී‍්‍ර ලංකාව 72/2
ආරම්භක පිතිකරුවන් අසාර්ථක වන සෑම අවස්ථාවකදීම ශී‍්‍ර ලංකා පිලේ ගැලවුම්කරුවා බවට පත්වන කුමාර් සංගක්කාර නැවත වරක් පිහිටට පැමිණියේය.
සංගක්කාර සහ මහේල ලකුණු 22 ක සම්බන්ධතාවක් ගොඩනංවා තිබිණ.
කුසල් පෙරේරා පන්දු 49 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 33 ක් ලබා සිටියදී මිර්වයිස් අෂ්රාෆ්ගේ පන්දුවක් පිත්තේ යට දාරයේ වැදී කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.
----------------------------------------------
ඕවර 10 යි - ශ්‍රී ලංකාව 35/1
කුසල් පෙරේරා 10 වැනි ඕවරයේදී හයේ පහරක් සහ හතරේ පහරක්
----------------------------------------------
ඕවර 5.4 - ශී‍්‍ර ලංකාව 07/1
ෂපූර් සඞ්රාන්ගේ පන්දුවක් පාදයත් පිත්තත් අතරින් රිංගා යාම නිසා තිරිමාන්න දැවී යයි.
----------------------------------------------
ඕවර 3 යි - ශ්‍රී ලංකාව 4/0
ඇෆ්ගනිස්තානු පිලේ නායක පිට දඟ පන්දු යවන මොහොමඞ් නබී පන්දු යැවීම ආරම්භ කළ අතර එම ඕවරයට ලබාගත හැකි වූයේ ලකුණු 2 ක් පමණි.
ආසියානු කුසලාන තරගාවලියේ හත්වැනි තරගය වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර මීර්පූර්හි ශෙයා බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේදී කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව ලකුණු රැස්කිරීමට තීරණය කළේය.
ශ්‍රී ලංකාව අද තරගයෙන් ජය ලැබුව හොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 12 ක් බවට පත්ව තරගයක් ඉතිරිව තිබියදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි. ශ්‍රී ලංකාව අතිරේක ප‍්‍රසාද ලකුණත් සමග ජය ලැබුවහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 13 ක් බවට පත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.