Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මිචෙල් ස්ටාක්ගේ ආක්‍රමණශීලී පන්දු යැවීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන්ම පරාජය කළ ඕස්ට්‍රේලියානුවෝ කැන්බරාහි මනුකා ඕවල් පිටියේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 366 ක දැවැන්ත ජයක් ලබාගත්හ. මෙම ජයත් සමගින් තරග දෙකකින් සමන්විත තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෝන් - මුරලිදරන් කුසලානය හිමිකරගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 516 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදී ලකුණු 149 කට දැවී ගියේය. තරගයේ සම්පූර්ණ දිනයක් ඉතිරිව තිබියදීම ඕස්ට්‍රේලියානු පිලට ජය හිමිවිය.
පළමු ටෙස්ට් තරගයේදී කඩුලු දෙකක් පමණක් දවාගත් හෙයින් මිචෙල් ස්ටාක් බෙහෙවින් කුපිත වී සිටි අතර නිරෝෂන් දික්වැල්ල හා වාදයකත් පැටළුණේය. එහෙත් කැන්බරාහි පැවැති දෙවැනි තරගයේදී ඉනිම දෙකේදීම කඩුලු 5 ක් බැගින් (54/5 සහ 46/5) දවාගත් ස්ටාක් ලකුණු 100 කට කඩුලු 10 ක් දවාගත්තේය.
“පොඩි තෑග්ගක් වගේ දෙයක් ලැබුණ එක නම් හොඳයි. මොකද ගිම්හානය පුරාම මේ හාදයෝ ටික හොඳටම මහන්සි වුණා” යයි ටෙස්ට් තරගාවලිය ජයගැනීමෙන් පසුව ඕස්ට්‍රේලියානු නායක ටිම් පේන් පැවසීය.
“මේ තණතීරුවෙන් පන්දු යවන්නන්ට එහෙමට කියලා සහයෝගයක් ලැබුණේ නෑ. ඒත් ඔවුන් දිගින් දිගටම එක තැනකට පන්දු යවමින් ශ්‍රී ලංකා පිතිකරුවන් පීඩනයට ලක්කරමින් සිටියා....අපේ කණ්ඩායමට මේ ජයග්‍රහණයෙන් ලැබෙන විශ්වාසනීයත්වය ඉදිරියට ගමන් කිරීම සඳහා හොඳ තල්ලුවක්” යයිද ඕස්ට්‍රේලියානු නායකයා කීවේය.
පළමුවැනි ඉනිමේදී ලකුණු 534 ක දැවැන්ත ඉනිමක් ගොඩනැංවූ ඕස්ට්‍රේලියානුවෝ දෙවැනි ඉනිමේදීත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් කඩුලු 3 කට ලකුණු 196 ක් ලබාගත්හ. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු 516 ක ඉලක්කයක් කරා යාමට සිදුවීමයි.
“ක්‍රීඩාවේ සියලුම අංශ වලින් ඔවුන් අපව පරාජයට පත්කළා. ...මේ ජයග්‍රහණයේ ගෞරවය ඕස්ට්‍රේලියානු පිලට හිමිවෙනවා. ඔවුන් මේ තරගාවලිය පුරාම ඉතාමත් විශිෂ්ට ක්‍රීඩාවක නිරත වුණා” යයි දිනේෂ් චන්ද්මාල් පරාජයෙන් අනතුරුව පැවසීය.
“ඒක ඉතාමත් අසීරු කාලයක්. විශේෂයෙන්ම පසුගිය මාස හය. අපේ හොඳම 11 දෙනා තෝරාගන්න අපට නොහැකි වුණා” යයිද චන්දිමාල් පැවසීය.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ වූ ඉරිදා සැන්දෑවේ දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න දෙදෙනා බලවත් අපහසුතාවකට පත්කිරීමට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෝ සමත් වූහ. එහෙත් අද පෙරවරුවේදී යවන ලද තුන්වැනි ඕවරයේදීම දිමුත් කරුණාරත්නගේ පා ඉන්න මත තිබූ බේලය ගලවා දැමීමට මිචෙල් ස්ටාක් සමත් වූයේය. පැයට කිලෝ මීටර 145 කට (පැයට සැතපුම් 90 ක) ආසන්න වේගයකින් පන්දු යැවූ ස්ටාක් අද පෙරවරුවේදී දිමුත් එකම ලකුණක් හෝ ලබාගැනීමට ඉඩක් නොතැබීය.
පළමු ඉනිමේදී පැට් කමින්ස්ගේ පන්දුවක් වැදීමෙන් රෝහල් ගතකරන ලද නමුත් සිය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වූයේ ද දිමුත් කරුණාරත්නයි.
මිචෙල් ස්ටාක්ගේ වේගය මෙන්ම පන්දුවේ ඉපිළීම සමග ගනුදෙනුව බේරාගත නොහැකි වූ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 4 කට යටත් වූයේය. මෙම තරගාවලියේ ඉනිම හතරකදීම ශ්‍රී ලංකා නායකයාට ලබාගත හැකිවූයේ ලකුනු 24 ක් පමණි. නිරෝෂන් දික්වැල්ල අංක 4 ස්ථානයට උසස් කර කුසල් මෙන්ඩිස් අංක 5 දක්වා පහළට යවා තිබුණද ප්‍රයෝජනයක් අත් නොවීය.
ශ්‍රී ලංකාවට එරෙහිව ලද 2-0 තරගාවලි ජය ඉන්දියාව හමුවේ ලද 3-1 ටෙස්ට් තරගාවලි පරාජයේ අඩුව මකා ගැනීමට ඕස්ට්‍රේලියාවට ඉවහල් විය. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරගාවලි තුනම පරාජය වූයේ තරග 7 කින් එකක් පමණක් ජය පරාජයෙන් තොරව අවසන් කරගනිමිනි.
ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.