Last Update  :  2025-01-15 19:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක්
පුහුණු තරගය

ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක්

editorial - 2024 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර අද (31) පැවැති විස්සයි 20 දෙවැනි පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 41 ක් ජයක් ලබාගැනීමට සමත්විය. 

ඇමරිකා එක්සත් ජනපදයේ ලවුඩර්හිල් හිදී පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනාගත් අයර්ලන්තය පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත පිලට ඕවර 18.2කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 122ක් පමණි.  

අවසන් පන්දු 5 න් ලකුණු 17 ක් උදුරාගත් ඇන්ජලෝ මැතිව්ස්ගේ පිතිහරඹය නිසා අයර්ලන්තයට එරෙහිව ඊයේ (31 වැනිදා) පැවැති පුහුණු තරගයේදී නියමිත ඕවර 20 අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 කට ලකුණු 163 ක් ලබාගත්තේය. 

පස්වැනි ඕවරයේදී පැතුම් නිස්සංක දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකා පිලේ මැදපෙළ සම්පූර්ණයෙන්ම කඩාවැටුණු අතර 18 වැනි ඕවරයේදී දසුන් ශානක දැවී යන විට ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව වූයේ 125 කි. ඊළඟ ඕවරයේදී ධනංජය ද සිල්වාත් දැවී ගිය අතර ලකුණු සංඛ්‍යාව කඩුලු 8 කට ලකුණු 138 ක් විය. එහෙත් අවසන් ඕවරයේදී ජෝ ලිට්ල්ට (4-0-45-2) අමතක නොවන පහරදීමක් කළ ඇන්ජලෝ මැතිව්ස් 163 දක්වා ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැම්මේය. 


ශ්‍රී ලංකාව - ඕවර 20 කදී කඩුලු 8 ට 163 යි
(පැතුම් නිස්සංක 22, කුසල් මෙන්ඩිස් 13, සධීර සමරවික්‍රම 13, වනිඳු හසරංග 26, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 32, දසුන් ශානක 23, ජෝ ලිට්ල් 45/2, බැරී මැකාති 31/2)

අයර්ලන්තය ඕවර 18.2 කදී සියලු දෙනා දැවී 122  යි
(ඇන්ඩෘ බැල්බර්මි 16, පෝල් ස්ටර්ලින් 21, කර්ටිස් කැම්පර් 26, ජෝර්ජ් ඩොක්රෙල් 17, වනිඳු හසරංග 40/2, දසුන් ශානක 23/4)

- 213 


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.