Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට ලකුණු 79 ක පහසු ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 79 ක පහසු ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 6 Comment
A A A

සංචාරක ශ‍්‍රී ලංකා පිල සහ අයර්ලන්ත පිල අතර තරග දෙකකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඩබ්ලින්හිදී අද (06) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 79 ක පහසු ජයක් ලැබූහ. ජයග‍්‍රහණය සදහා ලකුණු 220 ක ඉලක්කයක් කරා ගිය අයර්ලන්ත පිල  ඕවර 39.5 කදී ලකුණු 140 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නනෝ සමත් වූහ.

අජන්ත මෙන්ඩිස් (26/3) සහ සුරංග ලක්මාල් (29/3) දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලූ තුන බැගින් දවා ගැනීමට සමත් වූහ. නුවන් කුලසේකර කඩුලූ දෙකක් දවා ගත්තේය. 

අන්තයක් ආරක්‍ෂා කරගනිමින් පන්දුවට පහර දුන් නායක විලියම් පෝටර්ෆීල්ඞ් පන්දු 87 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 37 ක් ලබා සිටියදී අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවකට කුසල් පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් දැවී යෑමත් සමග ශ්‍රී ලංකාවට තිබූ එකම බාධකයද ඉවත් විය.

අයර්ලන්ත පිලේ තෙවැනි කඩුල්ලේ සිට කඩුලූ 4 ක් ලකුණු 11 ක් තුළ බි`ද වැටීමෙන් ලකුණු 74 කට කඩුලූ 6 ක් බවට පත්ව අසීරු තත්ත්වයකට පත්විය. 

නායක විලියම් පෝටර්ෆීල්ඞ් සහ නීල්  ඕ’බ‍්‍රයන් තෙවැනි කඩුල්ල සදහා ලකුණු 58 ක සම්බන්ධතාවක් පවත්වමින් අයර්ලන්ත පිල ගෞරවනීය තත්ත්වයකට ගෙන ඒමට මග සකස් කළද මැද පෙළ කඩාවැටීමෙන් පරාජය වැළද ගැනීමට අයර්ලන්තයට සිදුවිය.

අජන්ත මෙන්ඩිස් ක‍්‍රියාත්මක වෙමින් නීල්  ඕ’බ‍්‍රයන්ගේ ඉනිම ලකුණු 33 කට සීමා කරමින් ලකුණු 63 කට කඩුලූ 3 ක් බවට පත් කළේය. නීල්  ඕ’බ‍්‍රයන් මුහුණ දුන් පන්දු 39 න් පහක් හතරේ සීමාව පසුකර යැවීමට සමත් විය.    

නුවන් කුලසේකර අයර්ලන්ත පිලේ පළමු කඩුල්ල ලෙස පෝල් ස්ටි‍්‍රලින් (04) දවා ගත්තේය. සුරංග ලක්මාල්, එඞ් ජෝයිගේ (0) ඉනිම පන්දු හයකට සීමා කරමින් ලකුණු 7 ට කඩුලූ දෙකක් බවට පත් කළේය.

පළමුව පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා පිලේ කඩුලූ 8 ක් ලකණු 176 කට දැවී ගොස් තිබියදී එක්වූ නුවන් කුලසේකර (නොදැවී 42* සහ අජන්ත මෙන්ඩිස් (නොදැවී 18) දෙදෙනා නවවැනි කඩුල්ල ස`දහා පන්දු 22 කදී ලකුණු 43 ශී‍්‍ර ලංකා පිලට එක්කළහ.

ආරම්භයේ සිටම ශී‍්‍ර ලංකා පිතිකරුවන් ඇද බැඳ තබාගත් අයර්ලන්ත පන්දු යවන්නෝ ඉනිමේ 20 වැනි  ඕවරය නිමා වන විටත් ශී‍්‍ර ලංකා පිලට ලබාගැනීමට අවසර දුන්නේ ලකුණු 65 ක් පමණි. තමන් විසින්ම යවන ලද පන්දුවක් හමුවේ විශිෂ්ට පන්දු රැුකීමක නිරත වූ කෙවින්  ඕ’බ‍්‍රයන් විසින් දිනේෂ් චන්දිමාල් දවාගන්නා ලද අතර තවත් ලකුණු 5 ක් ලබාගන්නා අතරේ කිත්රුවන් විතානගේත් පිටියෙන් ඉවත් විය.

චන්දිමාල් ලකුණු 39 ක්ද නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 30 ක් ද ලබාගත් අතර මාස 10 කට පමණ පසු කණ්ඩායමේ ස්ථානය ලැබූ උපුල් තරංග පන්දු 52 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 24 ක් ලබා පිටියෙන් ඉවත් විය.  

මෙම තරගයේදී පළමු වරට ශ්‍රී ලංකා පිලේ උප නායකයා ලෙස නිල වශයෙන් කටයුතු කරන ළහිරු තිරිමාන්න ලකුණු 8 ක් ලබා දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.  කුසල් පෙරේරා සිවුවැනි පන්දුවේදී ලකුණු නොලබා දැවී ගියේය.

අයර්ලන්ත පිලේ නායක විලියම් පෝටර්ෆීල්ඞ් කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

දෙරට අතර දෙවැනි සහ අවසන් එක්දින තරගය අනිද්දා (08) පැවැත්වේ.

ලකුණු පුවරුව

තරගය මොහොතින් මොහොත වෙනස්වූ හැටි

048


අදහස් (6)

ශ්‍රී ලංකාවට ලකුණු 79 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.