Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් 3ක්
පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලිය

ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් 3ක්

editorial - 2021 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උස්බෙකිස්ථානයේ ‘‘ටෂ්කන්ට්’’ නුවරදී ලෝක ශූරතා තරගාවලියට සමගාමීව දැන් පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව ඊයේ (12) දිනය නිමාවන විට එක් රන් පක්කමක් හා ලෝකඩ පදක්කම් තුනක් හිමිකර ගෙන තිබුණි.

ශ්‍රී ලංකා තරගාවලියේ මෙතෙක් හිමිකර ගත් එකම රන් පදක්කම කිලෝග්‍රෑම් 45 බර පංතිය (කාන්තා) ඉසව්වෙන් දිනාගත්තේ ශ්‍රීමාලි සමරකෝන් විසිනි. ඒ කිලෝග්‍රෑම් 136 ක් දක්වා සිය ඉසව්වේ බර එසවීම වර්ධනය කර ගනිමිනි.

මෙම තරගාවලිය ලබන සිකුරාදා (17) දක්වා පැවැත්වේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා බර ඉසිලීම් කණ්ඩායමක් ඊට සහභාගී වී සිටියි.

නිලංක පළඟසිංහ කිලෝග්‍රෑම් 61 බර පංතිය (පිරිමි) ඉසව්වෙන්ද (දක්‍ෂතාවය කිලෝග්‍රෑම් 261 ක බරක්), ඉන්දික දිසානායක කිලෝග්‍රෑම් 73 බර පංතිය (පිරිමි) ඉසව්වෙන්ද (දක්‍ෂතාවය කිලෝග්‍රෑම් 286 ක බරක්) හා මනෝජ් විජේසිංහ කිලෝග්‍රෑම් 67 බර පංතිය (පිරිමි) ඉසව්වෙන්ද (දක්‍ෂතාවය කිලෝග්‍රෑම් 264 ක බරක්) ඊයේ වනවිට ලෝකඩ පක්කම් දිනා සිටියහ.

-223


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් 3ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.