Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට 3-0 ක ජයක්

ශ්‍රී ලංකාවට 3-0 ක ජයක්

Nisanka Sandeepani - 2018 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු අභියෝග ශූරතා (පිරිමි) වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ හොංකොං අතර පැවති ප්‍රථම තරගයෙන් වට 3 ට 0ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ ඇරඹි ආසියානු ශූරතා (පිරිමි) වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග ආරම්භයේ සිටම තරගයේ අනසක පැතිරවීමට සමත්වීය. පළපුරුදු හොංකොං ක්‍රීඩකයන්ට දැඩි ප්‍රහාර එල්ල කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 20 සීමාව ඉක්මවා යාමට අවස්ථාව ලබා දුන්නේ එකක් වතාවක් පමණි.

මූලික වටයේදී ශ්‍රී ලංකාව, හොංකොං, මලයාසියාව සහ සෞදි අරාබිය ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදී. ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තරගය අද (16 වැනිදා) පස්වරු 4.00 ට පැවැත්වේ.


අදහස් (0)

ශ්‍රී ලංකාවට 3-0 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.