Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන යොනෙක්ස් - සන්රයිස් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ බැඞ්මින්ටන් තරගාවලියේ කාන්තා යුගල ඉසව්වට සහභාගී වූ අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා, අද (4 වැනිදා) පැවැති අවසන් පූර්ව වටයේ තරගයකදී තායිලන්තයේ කිලාසු ඔස්ටෙමෙයර් සහ නට්චා ශේන්චෝට් හමුවේ වට 2-0 ක් ලෙස පරාජය වීමත් සමග ශ්‍රී ලංකාවේ අවසන් පදක්කම් බලාපොරොත්තුවත් සුන්වී ගියේය.
එම තරගයේ පළමු වටය 21/11 ලෙස පහසුවෙන්ම ජයගත් තායිලන්ත කී‍්‍රඩිකාවෝ, තියුණු තරගයකින් අනතුරුව දෙවැනි වටයෙන්ද ලකුණු 24/22 ක් ලෙස ජය ලබමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
ඊයේ (3 වැනිදා) පැවැති දෙවැනි වටයේ තරගයකදී වට 2-0 ක් ලෙස ඉරානයේ නෙයිගි අමිරිපූර් සහ හයිජියාගා සොරයා පරාජය කරමින් අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
කේවල පිරිමි පෙර අර්ධ අවසන් පූර්ව වටයේ අද පැවැති තරගයකදී වට 2-1 ක් ලෙස ඉන්දියාවේ ආනන්ද් පවර් හමුවේ පරාජය වීම නිසා දිනූක කරුණාරත්නටද තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
එහිදී පළමු වටය ලකුණු 21/11 ක් ලෙස ජයගැනීමට ආනන්ද් පවර් සමත් වු අතර දෙවැනි වටය ලකුණු 21/10 ක් ලෙස ජය ගැනීමට දිනූක සමත්වීමත් සමග තරගය සම තත්ත්වයකට පත්විය.
දෙදෙනාටම තීර්ණාත්මක වූ තෙවැනි වටය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් අතර ලකුණු 21/16 ක් ලෙස ඉන් ජය ලැබූ ආනන්ද් පවර් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.
ඊයේ පැවැති දෙවැනි වටයේ තරගයකදී වට 2-1 ක් ලෙස තායිලන්තයේ කේ. වැංග්චරොයෙන් පරාජය කරමින් දිනූක පෙර අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබාගත් අතර ආනන්ද් පවර් ඊට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි වටයේ තරගයකදී වට 2-1 ක් ලෙස ඉරානයේ වී. එස්කන්දරී පරාජය කරමිනි.
පිරිමි කේවල පෙර අර්ධ අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් සහභාගී වූ තරග ප‍්‍රතිඵල
කාන්තා අර්ධ අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන් සහභාගී වූ තරග ප‍්‍රතිඵල
ඡයාරූප - ලහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.