Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටය යටතේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව හරාරේහිදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමග තරගාවලිය පුරා සිය අපරාජිත බව රැකගනිමින් අවසන් මහ තරගයට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතර නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන එම තරගය හෙට (9 වැනිදා) පස්වරු 12.30 සිට හරාරේහිදී පැවැත්වේ. අවසන් තරගයේ ප්‍රතිඵලය කුමක් වුවද, ඊට සහභාගි වන කණ්ඩායම් දෙක මේ වන විටත් මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටියි.
ජයග්‍රහණය සඳහා ලකුණු 244 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ ඕවර 44.2 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. කුසල් මෙන්ඩිස් පන්දු 43 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 34 ක්ද, සදීර සමරවික්‍රම පන්දු 18 කදී හතරේ පහරක් සමග නොදැවී ලකුණු 17 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.
ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 201 කදී ලකුණු 190 ක් සම්බන්ධතාවක් ගොඩනැගූ පැතුම් නිස්සංක (104) සහ දිමුත් කරුණාරත්න (83) ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 113 කදී ලබාගත් පැතුම්ගේ තෙවැනි එක්දින ශතකය හතරේ පහර 14 කින් සමන්විත වූ අතර පන්දු 92 කට මුහුණ දුන් දිමුත්, හතරේ පහර 7 කින් සිය 11 වැනි එක්දින අර්ධ ශතකය සැරසුවේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් කෙදෙව්වෝ ඕවර 48.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 243 ක් ලබාගත්හ. මුල් පෙළ සහ මැද පෙළ අසාර්ථක වෙද්දී, එක් අන්තයක් රැකගෙන හුදෙකලා පිතිහරඹයක නිරත වූ කීසි කාටි හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග පන්දු 96 කින් ලකුණු 87 ක් රැස්කළේය. කෙවින් සින්ක්ලෙයාර් (25) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කාටි සමත් විය.
පන්දු 38 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 39 ක් රැස්කරමින් කොදෙව් පිලට වේගවත් ආරම්භයක් ලබාදීමට ජොන්සන් චාල්ස් උත්සාහ ගත්තද, මුලු ලකුණු සංඛ්‍යාව 55 ක් වන විට කොදෙව් පිලේ මුල් පෙළ පිතිකරුවන් තිදෙනෙකුම දවාගත් මහීෂ් තීක්ෂණ ඔහුගේ උත්සාහය ව්‍යර්ථ කළේය. ඉන් නොනැවතුණ තීක්ෂණ සිය ඕවර 10 ලකුණු 34 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳහෙළුවේය.
වනිඳු හසරංග වෙනුවට මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා සිටි පා දඟ පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත, ලකුණු 49 කට කඩුලු 2 ක් දවාගනිමින් කොදෙව් කණ්ඩායම ලකුණු 250 කට මෙපිටින් තබා ගැනීම සඳහා තීක්ෂණට අනගි සහායක් දුන්නේය. මෙම තරගයේදී එක්දින වරම් දිනාගත් තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේ ඕවර 5 ක් යවමින් ලකුණු 18 කට කඩුල්ලක් දවාගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.