Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ බුලවායෝහි කුවීන්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී හෙට (27 වැනිදා) පැවැත්වෙන තරගයේදී ස්කොට්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව තරග බිමට පිවිසීමට නියමිතය.
මෙම කණ්ඩායම් දෙකම මූලික වටය යටතේ මෙතෙක් සහභාගි වූ තරග 3 ම ජයගෙන සිටින බැවින් මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායමට තවදුරටත් සිය අපරාජිත බව රැකගනිමින් සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව උදාකරගත හැකි වනු ඇත.
කණ්ඩායම් දෙකම ලකුණු 6 බැගින් ලබා සිටියද, ශුද්ධ ලකුණු වේගය අනුව ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින අතර ස්කොට්ලන්තය එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ. එදා මෙදා තුර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එකම අවස්ථාවකදී හෝ ශ්‍රී ලංකා කණ්ඩායමක් ස්කොට්ලන්තය හමුවේ පරාජයට පත්වී නොමැත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.