Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ සිංගප්පූරුවේ සිට)
සත්කාරක සිංගප්පූරුවට එරෙහිව ලකුණු 67- 49 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව තවත් තරගයක් ඉතිරිව තිබියදී දොළොස් වැනි ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා අද (07) නිර්දේශ ලබා ගත්තේය.
ඒ අනුව දෙවැනි වටයේ සිය අවසන් තරගයට ශ්‍රී ලංකාව හෙට (8) පස්වරු 2-30 ට හොංකොං රාජ්‍යය සමග තරග වැදීමට නියමිතය.
අද ප්‍රබල සිංගප්පූරුවට එරෙහිව විශිෂ්ට තරගයක නිරත වුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වට හතරේදීම ජයග්‍රහණයන් තමන් සතුකර ගත්තහ. ඒ ලකුණු 15-11, 20-15, 16-12, 15-11 පරිදිය.
ශ්‍රී ලංකාව අද සිංගප්පූරුව පරාජය කිරීමේ වඩාත්ම වැදගත්කම වන්නේ මෙවර අවසන් මහා තරගයට එක් පසෙකින් නිර්දේශ වනු ඇතැයි වඩාත් විශ්වාසය පළකර සිටින සිංගප්පූරු කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායම කෙරෙහි යම් තැතිගැනීමක් ඇති කරවීමට එය සමත් වන බවක් පෙනෙන නිසාය.
කෙසේ වුවත් ශ්‍රී ලංකාව අවසන් වරට 2018 වසරේ පැවැති තරගාවලියේ දී දෙවතාවක්ම සිංගප්පූරුව පරාජය කිරීමට සමත්ව තිබේ.
ඒ දෙවැනි වටයේ තරගයකදී ලකුණු 74-61කින් හා අවසන් මහා තරගයේදී ලකුණු 69-50 කින් පරිදිය.
හෙට හොංකොං කණ්ඩායමට එරෙහිව තරගයට සූදානම් වන ශ්‍රී ලංකාව අපරාජිතව මේ දක්වා ඉදිරියට පැමිණීම කැපී පෙනේ.
අද දක්වා ශ්‍රී ලංකාව තරගාවලියේ දී ඉන්දියාව (102-14) පිලිපීනය (99-37), මලයාසියාව (55-53) පරාජයට පත් කර තිබේ.
සිංගප්පූරුව පළමු පරාජය අද ශ්‍රී ලංකා හමුවේ වැළඳ ගන්නා විට ඔවුන් එතෙක් තරගාවලියේ මුහුණ දුන් තරග 3ක ජපානය (103-03), මාලදිවයින (96-10), හොංකොං (56-46) පරාජය කර තිබේ.
අද (07) තරගය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා ගයංජලී අමරවංශ පැවසූවේ මලයාසියාවට එරෙහිව ඊයේ පැවැති තරගයේදී සිය ක්‍රීඩිකාවන් දැක්වූ දුර්වලතා හඳුනාගනිමින් තරග වැදීම සිංගප්පූරුව පහසුවෙන් පරාජය කිරීමට හේතුවක් වූ බවයි.
”මම හිතනවා අද හොංකොං සමග තරගය ජය ගැනීමෙන් පසුව අපට මේ පාරත් අපරාජිතව කුසලානය දිනාගැනීමට පුළුවන් වේවි“ යැයි ද ඇය වැඩිදුරටත් පැවසුවාය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණී හයිසින්ත් විජෙසිංහ මහත්මිය අද තරගය ජයග්‍රහණයෙන් පසුව ලංකාදීපයට පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩාමේ අඩුපාඩු සහ වැරදි ගැනම කතා කරකර සිටිය අයට අද හොඳ පිළිතුරක් ලැබුණු බවයි.
තමන් පොරොන්දු වූ පරිදිම ශ්‍රී ලංකා කණ්ඩායමට කුසලාන දිනා දෙන බවත් එයින් පසුව තමන්ට පුහුණුකරු ධුරය අත්හැරීමට සිදුවූවත් දුකක් නැතැයි ද ඇය වැඩිදුරටත් පැවසුවාය.
අද පැවැති තවත් දෙවන වටයේ තරගයකදී මලයාසියාව, හොංකොං රාජ්‍යය ලකුණු 55-46කට පරාජය කරන ලදී.
හෙට (08)) දෙවන වටයේ තරග යටතේ සිංගප්පූරුව හා මලයාසියාව අතර තවත් තරගයක් පැවැත්වේ. දෙවෙනි වටයේ තරග ජයග්‍රහායිකාවන් අතර අවසන් පූර්ව වටයේ තරග පැවැත්වේ. එහිදි ශ්‍රී ලංකාව සමග පළමු අවසන් පූර්ව තරගයේ ප්‍රතිවාදීන් ලෙස හොංකොං කණ්ඩායම මුණගැසීමේ වැඩි ඉඩක් පවතී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.