Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉතිරිව ඇත්තේ දිනයක කාලයක් වූවත් පසුගාමී පිතිහරඹය නිසා සිය දෙවැනි ඉනිමේදී ලකුණු 69 කට කඩුලු 4 ක් අහිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අබුඩාබි නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී අවදානම් ගමනක් යමින් සිටී.
තරගයේ සිවුවැනි දිනය වූ අද (1 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට පාකිස්තානු පිලට වඩා ලකුණු 66 ක් පමණක් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා පිල සතුව ඇත්තේ කඩුලු 6 ක් පමණි.
එහෙත් තරගයේ සම්පූර්ණ දිනයක්ම (ඕවර 90 ක්) ඉතිරිව ඇති බැවින්ද වේගයෙන් ලකුණු හඹා යා හැකි පිතිකරුවන් පාකිස්තානය සතුවන හෙයින්ද ශ්‍රී ලංකා කණ්ඩායම පීඩනයට පත්කිරීමේ පහසු අවස්ථා කිහිපයක්ම පාකිස්තානුවන්ට තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 419 ට පිළිතුරු සැපයූ පාකිස්තානුවෝ ඕවර 162.3 ක් පුරා ලබාගත්තේ ලකුණු 422 ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම ආරම්භ කළේ අද දින තේපානයෙන් පසුව වුවද ඕවර 40 ක් පුරා ඔවුනට ලබාගත හැකිවූයේ ලකුණු 69 ක් පමණි.
පිත්ත අහළකින්වත් නොගිය පන්දුවක් උඩ පන්දුවක් යැයි විනිසුරුවරයා විසින් නම්කරනු ලැබීම නිසා දිමුත් කරුණාරත්න දැවී ගිය අතර 25 වැනි ඕවරය නිමා වන විටත් ලකුණු පුවරුවේ සටහන් වූයේ ලකුණු 52 ක් පමණි. එයින් පන්දු දෙකකට පසුව ස්වීප් පහරක් ගැසීමට උත්සාහ කළ කෞෂාල් සිල්වා දැවී යාමට පෙර පන්දු 87 කට මුහුණ දී සිටි ආරම්භක පිතිකරුවා ලබාසිටියේ ලකුණු 25 ක් පමණි.
ඉනිමේ 11 වැනි ඕවරයේදී පන්දුව බාරගත් යසීර් ෂා සිය පළමු සිය ඕවර 10 සටහන් කළේ 10-1-17-1 ක් ලෙසිනි. ෂේන් වෝන් සිහිගන්වමින් පන්දු යැවූ යසීර් ෂා, ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් දවාගැනීමට යැවූ පන්දුව පා දඟ පන්දු යවන්නකුගෙන් කළතුරකින් දැකගත හැකි එකකි. පා ඉන්න එල්ලයේ වැටුණු පන්දුවේ දඟ කැවීම බල රහිත කිරීමට චන්දිමාල් උත්සාහ කළද ප්‍රතිඵලය වූයේ පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව ස්ලිප් හි සිටි අසාඞ් ෂෆීක්ගේ දෑත් අතර සැඟව යාමයි.
මන්දගාමී තණතීරුවකදී පාකිස්තානු පිතිකරුවන් ලකුණු 422 කට දවාගත් රංගන හේරත් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අබුඩාබි නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී පාකිස්තානුවන්ගේ වාසිය ලකුණු 3 කට සීමා කළහ. තරගයේ තුන්වැනි දිනය වූ සෙනසුරාදා සවස ක්‍රීඩාව නතර කරන විට පාකිස්තානු පිල කඩුලු 4 ක් දැවී ලකණු 266 ක් ලබා සිටි නමුත් සිවුවැනි දිනයේදී ලකුණු 156 කදී ඉතිරි කඩුලු හයම බිම දමාගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය.
පන්දු යවන්නන්ට කිසිම වාසියක් නොගෙනෙන, පිතිකරුවන්ගේ තණතීරුවකදී විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු රංගන හේරත් 32 වැනි වතාවටත් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත්තේ පාකිස්තානුවන්ගේ මැද පෙළ කඩාබිඳ දමමිනි. සිය 400 වැනි ටෙස්ට් කඩුල්ල සොයා ඇදෙමින් සිටින රංගන හේරත් මේ වන විට කඩුලු 400 කඩයිමට කඩුලු 6 ක් මෑතින් සිටී.
තරගයේ සිවුවැනි දිනය වන අද පෙරවරුවේදී ඕවර 27 ක් යවන ලද නමුත් දිවා ආහාරයට පෙර පාකිස්තානුවන්ට රැස්කළ හැකිවූයේ ලකුණු 74 ක් පමණි. ඒ අතරවාරයේදී කඩුලු 4 ක් ඇද වැටීම හේතුවෙන් තරගයේ වාසිය ශ්‍රී ලංකා පිල වෙත නැඹුරු විය. පාකිස්තානු පිලේ බිඳ වැටුණු කඩුලු 4 ම දුර්වල පහර තේරීම නිසා විය. එහෙත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඒ වෙනුවෙන් පන්දු යැවූහ. මේ අතරවාරයේදී තමන්ගේ පන්දු යවන්නන් මනා ලෙස මිශ්‍ර කරමින්ද රංගන හේරත් වරින් වර ඒ මිශ්‍රණය අතරට රිංගවමින්ද දිනේෂ් චන්දිමාල් ඉතා සූක්‍ෂමව සිය කාර්යය ඉටුකළේය.
කෙසේ වෙතත් කෝඩුකාර හාරිස් සොහේල්ගේ ධෛර්යවත් පිතිහරඹය හේතුවෙන් පාකිස්තානයේ පසුපෙළ පිතිකරුවෝ තිදෙනා ලකුණු 96 ක් තම පිලට එකතු කළහ. එක් අන්තයක පිතිකරුවන් එකිනෙකා දැවීයන විටදී මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන හාරිස් සොහෙල් තමන්ගේ කඩුල්ල ආරක්ෂා කරගනිමින් ලකුණු 76 ක් ලබාගත්තේය. පන්දු 161 කට මුහුණ දුන් සොහේල් හතරේ පහර 7 ක් සහ හයේ පහර දෙකක් සිය ඉනිමට ඇතුළත් කළේය.
මනා සංයමයකින් යුතුව පන්දුවට පහරදෙමින් සිටි අසාර් අලී ගැසූ පහරකින් ඇදී ගිය පන්දුව උඩපන්දුවක් බවට පරිවර්ථනය කරගනිමින් සධීර සමරවික්‍රම දක්ෂ පන්දු රැකීමක නිරතවිය. රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ දැවීයන විට පන්දු 226 කට මුහුණදුන් අසාර් අලී හතරේ පහර හතරක් සමගින් ලකුණු 85 ක් රැස්කර ගෙන සිටියේය.
පාකිස්තාන කණ්ඩායමේ නායක සර්ෆ්‍රාස් අහමඞ් කඩුල්ලට එපිටින් ඇදීයන පන්දුවකට පහරක් ගැසීමට යාමේදී පිත්තේ යට දාරයේ වැදුණු පන්දුව කඩුල්ල සොයා පැමිණිම හේතුවෙන් ඔහුගේ ඉනිම අවසන් විය. ලකුණු 18 කට සර්ෆ්‍රාස් අහමඞ් දවාගත් සුරංග ලක්මාල් ඉන් නොනැවතී මොහොමඞ් අමීර්වද කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට සමත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.