Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඬේවිස් කුසලාන ටෙනිස් තරග මාලාවේ ආසියා ශාන්තිකර කළාපීය II කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර පැවැත්වෙන තරගාවලිය මේ මස 7 වැනිදා සහ 8 වැනිදා ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩංගණයේදී පැවැත්වේ.
මෙම තරගාවලියෙන් ජයග්‍රහණය ලබන කණ්ඩායමට තවදුරටත් II කාණ්ඩයේ රැදී සිටීමට අවස්ථාව උදා වන අතර පරාජයට පත්වන කණ්ඩායමට III කාණ්ඩය දක්වා පසුබැසීමට සිදුවේ. අනුව කණ්ඩායම් දෙකටම මෙය ඉතා තීර්ණාත්මක තරගාවලියක් වනු ඇත.
මේ වසරේ පෙබරවාරි මස තායිලන්තයට එරෙහිව මෙරටදී පැවැති තරගාවලිය 3-2 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙවන් අවදානම් සහිත තත්ත්වයකට මුහුණදීමට සිදුවිය.
තායිලන්තයට එරෙහිව පැවැති තරගාවලියට සහභාගි නොවූ හර්ෂණ ගොඩමාන්න, මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සූදානමින් සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රභලතම ක්‍රීඩකයා වන හර්ෂණ, මෑත කාලයේදී පැවැති ඬේවිස් කුසලාන තරගාවලි වලදී ශ්‍රී ලංකාවට වැඩිම ජයග්‍රහණය ප්‍රමාණයක් අත්කර දුන් ක්‍රීඩකයා ලෙසද හැදින්විය හැකිය. ලෝක ටෙනිස් කේවල ශ්‍රේණිගත කිරීම්හි 1100 වැනි ස්ථානයේ පසුවන හර්ෂණ, එහි යුගළ ශ්‍රේණිගත කිරීම්හි 1441 ක් වැනි ස්ථානයේ පසුවේ.
හර්ෂණ හැරුණුකොට තායිලන්තයට එරෙහිව පැවැති තරගාවලියට සහභාගි වූ සෙසු ක්‍රීඩකයන් වන ශාමල් දිසානායක, යසිත ද සිල්වා සහ ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස් ඉන්දුනීසියාවට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහාද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටිති. රොහාන් ද සිල්වා මහතා මෙම තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර අවීන්ද්‍ර පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයා ලෙස කටයුතු කරයි.
ලෝක ටෙනිස් කේවල ශ්‍රේණිගත කිරීම්හි 814 වැනි ස්ථානයේ සහ යුගළ ක්‍රිස්ටෝපර් ශ්‍රේණිගත කිරීම්හි 115 ක් වැනි ස්ථානයේ පසුවන ක්‍රිස්ටෝපර් රංග්කට්, ඉන්දුනීසියානු කණ්ඩායම ඇතුළත්ව සිටින ප්‍රභලම ක්‍රීඩකයා ලෙස හැඳින්විය හැකිය. ඬේවිඞ් අගුන්ග්, ඉග්නේටියස් ඇන්තනී සහ ජස්ටින් බාර්කි ඉන්දුනීසියානු කණ්ඩායම නියෝජනය කරන සෙසු ක්‍රීඩකයෝ වෙති. ෆෙබි විධියනන්ටෝ ඉන්දුනීසියානු කණ්ඩායමේ නායකත්වය දරන අතර මුහම්මද් ධයිෆුල්ලා අතිරේක ක්‍රීඩකයා ලෙස ඊට ඇතුළත්ව සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායම |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.