Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර නැම්ඩොන්ග් රග්බි ක්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) ආරම්භ වූ ආසියානු සත් සාමාජික (කාන්තා) රග්බි තරගාවලියේ පිට පිට තරග දෙකකින්ම පරාජයට පත්වී දරුණු පසුබෑමකට ලක්ව සිටි ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම මූලික වටයේ අවසන් තරගයෙන් සත්කාරක දකුණු කොරියාව ලකුණු 17-7 කින් පරාජය කිරීමට සමත්විය.

පරාජයේ සෙවැණැල්ල මතින් නැගී සිට සත්කාරකයන් පරාජයට පත් කරමින් පළමු දිනයේ තරගාවලිය ජයග්‍රහණයෙන් නිමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ හෙට (24) කසකස්තානයට එරෙහිව කුසලාන වටයේ අර්ධ අවසන් පූර්ව තරගයට එක්වෙයි.

පිරිමි තරගාවලියට සමගාමීව අද ආරම්භ වූ කාන්තා තරගාවලිය ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ පළමු අදියර ලෙස පැවත්වෙයි.

මේ තරගාවලියට ‘ඩී‘ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කාන්තා රග්බි පිල පළමු තරගයේදී චීනය හමුවේ ලකුණු 36-12 ක පරාජයක් අත්විඳ ගත් අතර හොං කොං කණ්ඩායමට එරෙහි තරගයේදී ලකුණු 28-0 ක අන්ත පරාජයක් ලැබුවේය.

චිනය සමග පැවැති පළමු තරගයේදී ශ්‍රී ලංකාව උත්සාහක දිනුම් 2ක් තැබිමට සමත්විය. අයේෂා පෙරේරා සහ දුලානි පල්ලිකොන්දගේ උත්සාහක දිනුම් තැබීමට සමත්වූ අතර ඉන් එක් උත්සාහක දිනුමක් අයේෂා කලුආරච්චි විසින් ගෝලයක් බවට පත් කරනු ලැබුවාය. එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සෙල්ලමකට බාරගත් චීන ක්‍රීඩිකාවෝ උත්සාහක දිනුම් 6ක් තැබීමට සමත්වූ අතර ඉන් 3 ක්ම ගෝල බවට පත් කරගත්හ.

දකුණු කොරියාවට එරෙහිව ශ්‍රී ලංකාව පිල උත්සාහක දිනුම් 3 ක් තැබූ අතර අනූෂා අත්තනායක, අයේෂා පෙරේරා සහ දසුනි ද සිල්වා ඒවා ලබාගත්හ. එක් උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කිරීමට අයේෂා කලුආරච්චි සමත්වූවාය.

මෙවර කාන්තා තරගාවලියේ කුසලාන වටයේ අවසන් කණ්ඩායම් හතරට එක්වීමේ බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පෙරවරු 7.36 ට කසකස්තානයට එරෙහිව තරගයට එක්වෙති.

ප්‍රබල ක්‍රීඩිකාවන් රැසකගෙන් සමන්විත කසකස්තාන කණ්ඩායම මූලික වටයේදී ලකුණු 31-5 කින් තායිලන්තයත්, ලකුණු 28-7 කින් සිංගප්පූරුවත් පරාජය කළ අතර ජපානය සමග පැවැති තරගය පරාජයට පත්වූයේ ලකුණු 2 කිනි.  


- 077

 


අදහස් (0)

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.