Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව පසු පාදයේ ඇරඹුමක

ශ්‍රී ලංකාව පසු පාදයේ ඇරඹුමක

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමු තරගයේදී ලද ඛේදජනක පරාජයෙන් පසුව දෙවැනි තරගයේදී හිස ඔසවන්නේ කෙසේද යන්න සිතමින් සිටි ශ්‍රී ලංකා පිලට වැදුණේ තවත් මරු පහරකි. දෙවැනි තරගයේදී ඔවුන්ට සිදුවන්නේ ඇන්ජලෝ මැතිව්ස්ගේ සේවයත් අහිමි කරගන්නටය. සෝබර්ස් - තිසේරා කුසලාන තරගාවලියේ දෙවැනි තරගය හෙට (14 වැනිදා) ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

පළමු තරගය ලකුණු 226 කින් ජයගත් කොදෙව්වන් මෙම තරගයට පිවිසෙන්නේ 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිට නමුත් ශ්‍රී ලංකා පිලට සිදුව තිබෙන්නේ කණ්ඩායමේ පළපුරුදුම පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්ස් සහ ළහිරු ගමගේ යන දෙදෙනාගේම සේවය අහිමි වී තිබේ.

මැතිව්ස් පෞද්ගලික හේතුවක් මත ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙයි. පළමු ටෙස්ට් තරගයේ පිතිහරඹයේ යෙදී සිටියදී පන්දුවක් වැදීමෙන් ළහිරු ගමගේගේ ඇඟිල්ලක අස්ථියක් පුපුරා යාමෙන් ඔහුට නැවතත් සියරට පැමිණීමට සිදුව තිබේ. මැතිව්ස් සහ ළහිරු වෙනුවට ධනංජය ද සිල්වා සහ දසුන් ශානක කණ්ඩායමට කැඳවා ඇතත් දසුන් ශානකට අද තරගයේදී ස්ථානයක් ලැබේවිද යන්න සැක සහිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට යද්දී බොහෝ දෙනාගේ අපේක්‍ෂාව වූයේ කොදෙව් පිල අමාරුවේ වැටෙනු ඇති බවයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලීන ටෙස්ට් තරග වාර්තාව ඊට පාදක විය. එහෙත් සිදුවූයේ අනෙකකි. තරගයේ පළමු දිනයේ සිටම ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූයේ තමන්ගෙන් වූ වැරදි මකා ගැනීම සඳහා උත්සාහ ගැනීමට මිස ප්‍රතිවාදීන් පීඩනයට පත්කිරීමට නොවේ. එහෙත් ශ්‍රී ලංකා පිලේ අතපසු වීම් වලින් හොඳ ප්‍රයෝජන ගත් කොදෙව්වෝ සංචාරකයන්ව මහත් පීඩනයට පත්කළහ.

මැතිව්ස් නොමැතිවීමෙන් අසීරුතාවට පත්වන්නේ ශ්‍රී ලංකා පිල පමණක් නොවේ. නායක චන්දිමාල්ටද උපක්‍රමයක් සැලසුම් කරගැනීම සඳහා කතාබහ කිරීමට හෝ පිටිය මැද සිටි මැතිව්ස්ගේ සේවය නැතිව යයි. රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා හැරෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම එහෙම පිටින්ම නවක කණ්ඩායමකි.

පළමු තරගය ජයගත් කොදෙව් පිල මෙම තරගයේදීත් එදා යොදාත් 11 දෙනාම යොදාගැනීමට ඉඩ තිබේ. එහි වඩාත්ම කුතුහලය දනවන කාරණය වන්නේ අද තරගය සඳහාත් කොදෙව් පිල වේග පන්දු යවන්නන් සිවු දෙනකු යොදාගනීවිද යන්නයි. පළමු තරගයේදී වේග පන්දු යවන්නන් සිවු දෙනකු යොදාගත් කොදෙව් පිල වෙනුවෙන් දඟ පන්දු යැවීම සඳහා දේවේන්ද්‍ර බිෂූ සහ රොස්ටන් චේස් සිටියහ. ශාන්ත ලුසියාවෙන් ලැබෙන ආරංචි අනුව තරගයේ දින පහේදීම වර්ෂාව අපේක්‍ෂා කළ හැකි බැවින් මෙම තරගයේදී කාසියේ පෙරළිය මහත් වාසියක් වනු ඇත.


ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), මහේල උඩවත්ත, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, කසුන් රාජිත, සුරංග ලක්මාල්, ළහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය
ජේසන් හෝල්ඩර් (නායක), දේවේන්ද්‍ර බිෂෝ, ඩෙවොන් ස්මිත්, ක්‍රේග් බ්‍රැත්වේට්, කිරන් පවෙල්, රොස්ටන් චේස්, මිගෙල් කමින්ස්, ෂේන් ඩව්රිච්, ෂැනෝන් ගේබි්‍රයෙල්, ජමාර් හැමිල්ටන්, ශිම්රන් හෙට්මියර්, ශේයි හෝප් සහ කේමර් රෝච්  

 


අදහස් (0)

ශ්‍රී ලංකාව පසු පාදයේ ඇරඹුමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.