Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිංගප්පූරුවේදී පැවැත්වෙන 5 වැනි ආසියානු පාසල් මේසපන්දු ශූරතාවලියේ කණ්ඩායම් තරගවලට සහභාගි වූ ශ්‍රී ලංකා බාලක සහ බාලිකා කණ්ඩායම් දෙකටම පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකා බාලක කණ්ඩායම, මලයාසියාවට සහ ඉන්දුනීසියාවට එරෙහිව පැවැති තරග ජයග්‍රහණය කළ අතර සත්කාරක සිංගප්පූරුවට සහ චීනයට එරෙහිව පැවැති තරග පරාජයට පත්විය.
මලයාසියාවට එරෙහිව පැවැති තරගය වට 3-2 ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉන්දුනීසියාවට එරෙහිව පැවැති තරගය ජය ගත්තේ වට 3-0 ක් ලෙසිනි. ශ්‍රී ලංකාව සහභාගි වූ තරගවලදී සුපුන වරුසවිතාන සහ ක්‍රිෂාන් වික්‍රමරත්න තරග වට දෙක බැගින්ද, දිනේෂ් කවිෂ්ක, සන්දේෂ් නිස්සංක සහ දිෂංක තෙන්නකෝන් එක් වටය බැගින්ද ජයග්‍රහණය කළහ.
බාලිකා කණ්ඩායම ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණ අතර එහිදී ඔවුන් පරාජය වූයේ තායිලන්නය, සිංගප්පූරුව, මලයාසියාව සහ ඉන්දුනීසියාවටය.
තරග හතරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් තරග වටයක් හෝ ජයගැනීමට සමත් වූයේ නතාෂා සඳවිනී පමණි. ඇය ඉන්දුනීසියාවට එරෙහිව පැවැති තරගයේදී තරග වට 3-1 ක් ලෙස විද්‍යා වුලන්ටිකා පරාජය කිරීමට සමත් වූවාය.
සුපුන වරුසවිතාන (නායක), ක්‍රිෂාන් වික්‍රමරත්න, දිනේෂ් කවිෂ්ක, සන්දේෂ් නිස්සංක සහ දිෂංක තෙන්නකෝන් යන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා බාලක කණ්ඩායම නියෝජනය කළ අතර චමත්සරා ප්‍රනාන්දු (නායිකා), හංසනී පියුමිලා, ඉමාෂා ද සිල්වා, මුතුමාලි ප්‍රියදර්ශනී සහ නතාෂා සඳවිනී බාලිකා කණ්ඩායම නියෝජනය කළහ.
ආසියානු පාසල් ක්‍රීඩා සම්මේලනය, සිංගප්පූරු පාසල් ක්‍රීඩා සභාව සමග එක්ව සංවිධානය කරන මෙම තරගාවලියට ලබන 18 වැනිදා දක්වා සිංගප්පූරුවේදී ‘තෝවා පායෝ’ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
බාලක කණ්ඩායම් තරග ප්‍රතිඵල
■ ශ්‍රී ලංකාව විසින් තරග වට 3-2 ක් ලෙස මලයාසියාව පරාජය කරන ලදි.
■ ශ්‍රී ලංකාව විසින් තරග වට 3-0 ක් ලෙස ඉන්දුනීසියාව පරාජය කරන ලදි.
■ සිංගප්පූරුව විසින් තරග වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරන ලදි.
■ චීනය විසින් තරග වට 3-1 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරන ලදි.
බාලිකා කණ්ඩායම් තරග ප්‍රතිඵල
■ තායිලන්තය විසින් තරග වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරන ලදි.
■ සිංගප්පූරුව විසින් තරග වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරන ලදි.
■ මලයාසියාව විසින් තරග වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරන ලදි.
■ ඉන්දුනීසියාව විසින් තරග වට 3-1 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරන ලදි.
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය කළ තරග වට
■ සුපුන වරුසවිතාන විසින් තරග වට 3-2 ක් ලෙස ඔන්ග් චෙඕන්ග් (මලයාසියාව) පරාජය කරන ලදි. (13/11, 6/11, 11/9, 5/11, 11/6)
■ දිනේෂ් කවිෂ්ක විසින් තරග වට 3-1 ක් ලෙස චොන්ග් ගුවාන් (මලයාසියාව) පරාජය කරන ලදි. (4/11, 12/10, 11/7, 11/7)
■ ක්‍රිෂාන් වික්‍රමරත්න විසින් තරග වට 3-0 ක් ලෙස ඔන්ග් චෙඕන්ග් (මලයාසියාව) පරාජය කරන ලදි. (11/4, 3/11, 11/6)
■ සුපුන වරුසවිතාන විසින් තරග වට 3-0 ක් ලෙස රාගා ගුස්ති (ඉන්දුනීසියාව) පරාජය කරන ලදි. (11/5, 11/5, 11/5)
■ ක්‍රිෂාන් වික්‍රමරත්න විසින් තරග වට 3-2 ක් ලෙස රාෆී රාමධාන් (ඉන්දුනීසියාව) පරාජය කරන ලදි. (7/11, 11/9, 11/9, 5/11, 11/4)
■ දිෂංක තෙන්නකෝන් විසින් තරග වට 3-1 ක් ලෙස අන්ඩික ප්‍රයෝග (ඉන්දුනීසියාව) පරාජය කරන ලදි. (11/9, 11/9, 5/11, 11/9)
■ සන්දේෂ් නිස්සංක විසින් තරග වට 3-1 ක් ලෙස ලිම්සි නිංග් (චීනය) පරාජය කරන ලදි. (11/7, 11/13, 11/5, 13/11)
■ නතාෂා සඳවිනී විසින් තරග වට 3-1 ක් ලෙස විද්‍යා වුලන්ටිකා (ඉන්දුනීසියාව) පරාජය කරන ලදි. (9/11, 11/9, 11/8, 11/8)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.