Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (13 වැනිදා) සංචාරකයන්ගේ මුල් ඉනිම ලකුණු 126 කට සීමා කළහ. මුල් ඉනිමේදී ලකුණු 161 ක වාසියක් අත්කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද සවස ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිමේදී කඩුලු 4 ක් දැවී ලකුණු 111 ක් ලබාගනිමින් දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 272 ක් ඉදිරියෙන් සිටියේය.
මුල් ඉනිමේදී ශතකයක් ලබාගත් දිමුත් කරුණාරත්න දෙවැනි ඉනිමේදීත් අලංකාර පිතිහරඹයක යෙදෙමින් ලකුණු 60 ක් ලබාගත් අතර තරගයේ සම්පූර්ණ දින තුනක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම අති විශාල වාසියක් අතැතිව සිටී. ශ්‍රී ලංකා පිලේ ඉදිරිපෙළ පිතිකරුවන්ගෙන් දෙදෙනකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ රොෂේන් සිල්වා තවමත් පිටියේ රැඳී සිටින අතර නිරෝෂන් දික්වැල්ල පිටියට පැමිණීමට සූදානමින් සිටී.
පළපුරුදු ක්‍රීඩකයන් වන හසිම් අම්ලා සහ ඩිල්රුවන් පෙරේරා දෙදෙනාම අද සවස කියා සිටියේ තරගයේ ඉදිරි දින තුනේදී තණතීරුවෙන් දඟ පන්දු යවන්නන්ට වැඩි සහයෝගයක් අපේක්‍ෂා කළ හැකි බවයි.
ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් තිදෙනා වූ රංගන හේරත් (34/2), ඩිල්රුවන් පෙරේරා (28/3) සහ ලක්ෂාන් සඳකැන් (18/1) එක්ව දිවා ආහාරයට පොරතුවම දකුණු අප්‍රිකානුවන්ගේ කොඳු නාරටිය කඩාබිඳ දැමූහ. දිවා ආහාරයෙන් පසුව පන්දුව අතට ගත් නායක සුරංග ලක්මාල් අති විශිෂ්ට පන්දු යැවීමක යෙදෙමින්, පන්දු 21 කදී ලකුණු 17 කට කඩුලු 3 ක් දවාලමින් දකුණු අප්‍රිකානුවන්ගේ මුල් ඉනිම ලකුණු 126 දී නවතාලීය.
දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසි, කගීසෝ රබාඩා සහ ඬේල් ස්ටේන් දවාගැනීම සඳහා ලක්මාල් යැවූ පන්දු තුනම වේග පන්දු යවන්නකුගෙන් කලාතුරකින් දැකගතහැකි අති විශිෂ්ට ගණයේ පන්දු විය.
මෙය දකුණු අප්‍රිකානු කණ්ඩායමක් ශ්‍රී ලංකාව හමුවේ ටෙස්ට් තරගයකදි දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද වාර්තා වේ.
තරගයේ දෙවැනි දිනය වූ අද පෙරවරුවේදී දකුණු අප්‍රිකානුවන්ට සිතන්නටවත් කාලයක් නොතැබූ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ ඕවර 22 ක් තුළදී ලකුණු 51 කට කඩුලු 6 ක් බිඳ හෙ`ථෑහ. පසුව එක්වූ නායක ෆෆ් ඩු ප්ලෙසි (49) සහ වර්නන් ෆිලැන්ඩර් (18) හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් කණ්ඩායම ඉදිරියට ගෙන යාමේ උත්සාහයක නිරත වූවද ඔවුන් දෙදෙනාගේ අරගලය පැවතුණේ පැය එක හමාරක් පමණි.
දිවා ආහාරයෙන් පසු පැයක කාලයක් ඇතුළත දකුණු අප්‍රිකානු ඉනිම නිමා විය.
ෆිලැන්ඩර් ලකුණු 7 ක් ලබා සිටියදී රංගන හේරත්ගේ පන්දුවක් පා ආවරණයේ වැදීම නිසා දැවී ගිය ක්‍රීඩකයකු ලෙසින් නම්කරනු ලැබුවද විනිසුරු තීරණ විමසීමේ සහාය ඉල්ලා සිටි පිතිකරුවා තමන්ගේ ඉනිම තවදුරටත් දිගු කරගත්තේය. විනිසුරු තීරණ විමසීමේ අවස්ථාව නොතිබුණේ නම් ලකුණු 75 දී දකුණු අප්‍රිකානුවන්ගේ හත්වැනි කඩුල්ලත් ඇද වැටෙන්නට තිබිණ.
තරගයේ පළමු දිනයේදී කාසියේ වාසිය අහිමි කරගත් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 287 කට දවාගැනීම දකුණු අප්‍රිකානුවන් ලද අනපේක්‍ෂිත වාසියක් විය. වරෙක කඩුලු 2 කට ලකුණු 115 ක් ලබා සිටි ශ්‍රී ලංකා පිලේ පස්වැනි කඩුල්ල ලකුණු 119 දී බිඳ වැටිණ. එහෙත් දිමුත් කරුණාරත්න කළ වික්‍රමාන්විත පිතිහරඹයට ස්තුති වන්නට ශ්‍රී ලංකා පිල ලකුණු 287 ක් ලබාගත්තේය.
දකුණු අප්‍රිකානු ඉනිම ඊයේ ආරම්භ කළ අවස්ථාවේදී තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය ස්වභාවයක තිබුණ නමුත් පළමු ඕවරය යැවීම සඳහා සිය හොඳම දඟ පන්දු යවන්නා කැඳවූ සුරංග ලක්මාල් දකුණු අප්‍රිකානු කඳවුර සසළ කළේය. රංගන හේරත් සිය දෙවැනි ඕවරයේදී යැවූ අලංකාර පන්දුවකින් ලැබුණු උඩපන්දුව ස්ලිප්හි සිටි ඇන්ජලෝ මැතිව්ස් රැකගත් හෙයින් දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ඒඞ්න් මාක්රම් ලකුණු නොලබා දැවී ගියේය.
අද පෙරවරුවේදී දක්නට ලැබුණේ ඊයේ සවස පැවැති තත්ත්වයම මිස අනෙකක් නොවේ. ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ තිදෙනා එක්ව දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නටවමින් සිටියහ. ඊයේ සවස පිටියට පිවිසි මුරකරු පිතිකරු කේශව් මහාරාජ්ට අද පෙරවරුවේදී සිය කඩුල්ල රැකගත හැකිවූයේ විනාඩි 7 ක් පමණි. රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව මහාරාජ් දැවී ගියේය.
පළමු පැය තුළදී දකුණු අප්‍රිකානු පිලේ කඩුලු 5 ක් බිඳ වැටුණේ සංචාරයකයන්ගේ සියලු බලාපොරොත්තු සී සී කඩ යවමිනි. එම කාලය තුළදී රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා සහ ලක්ෂාන් සඳකැන් එක්ව සිය ග්‍රහණය දැඩි කළද දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසී නොසැලී තම කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටියේය. එහෙත් ඒ පැය දෙකක කාලයක් තුළදී රැස්කෙරුණු ලකුණු 49 ක් වෙනුවෙන් පමණි.
ජායාරූප - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.