Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කළාපීය සත් සාමාජික රග්බි තරගමාලාවේ දෙවැනි අදියර ලෙස මැලේසියාවේදී අද (07) අවසන් වූ මැලේසියානු සත් සාමාජික රග්බි තරගාවලියේදී ද ශ්‍රී ලංකා පිල සිවුවැනි ස්ථානයට පත්විය. හොං කොංහිදී පැවැති මෙම තරගමාලාවේ පළමු අදියරේදීත් ශ්‍රී ලංකා පිල සිව්වැනි ස්ථානයට පත්විය.
අද පැවැති අවසන් පූර්ව තරගයේදී හොං කොං පිල හමුවේ ලකුණු 7-10 ක් ලෙස පරාජයට පත්වීමෙන් ශ්‍රී ලංකා පිලට තෙවැනි ස්ථානය සඳහා තරග කිරීමට සිදුවූ අතර පස්වරුවේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 26-14 කින් දකුණු කොරියාව හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ශී‍්‍ර ලංකා පිල සිවුවැනි ස්ථානයට පත්වූයේය.
ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර අද පෙරවරුවේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 28-7 ක පහසු ජයක් ලැබූ ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසුණහ.
තරගාවලියේ පළමු දිනය වූ ඊයේ (06) පැවැති පළමු වටයේ තරග දෙකේදී ශ්‍රී ලංකා පිල ලකුණු 33-22 කින් චීනය ද, ලකුණු 38-17 කින් කසකස්තානය අද පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පැමිණියේය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.