Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව හොංකොං පිලටත් පරදී

ශ්‍රී ලංකාව හොංකොං පිලටත් පරදී

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

ලෝක කුසලාන යොවුන් රග්බි තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන ආසියානු වයස 20 න් පහළ රග්බි තරගාවලියේ කොළඹ තුරඟ තරග පිටියේදී ඊයේ (24 වැනිදා) පැවැති තරගයකින් ශ්‍රී ලංකා පිල පරදවා ලකුණු 32-07 ක් ලෙස ජය වාර්තා කිරීමට හොං කොං පිල සමත්විය.

තරගයේ 8 වැනි විනාඩියේදී ලකුණු ලබාගැනීම ඇරඹු හොං කොං කී‍්‍රඩකයෝ ගෝල දිනුමක් ලබාගනිමින් ආරම්භයේදීම පෙරමුණ ගැනීමට සමත්වූහ. එරික් වෝර්ක් එහි උත්සහක දිනුම ලබාගත් අතර නායක හියුගෝ ස්ටයිල්ස්, ප‍්‍රවර්ථනය සාර්ථක කරගතේතේය.

ඉන් විනාඩි 13 කට පසු එනම් 21 වැනි විනාඩියේදී උත්සහක දිනුමක් ලබාගනිමින් ශ්‍රී ලංකා පිලට යම් ජවයක් ලබාදීමට කෙවින් ඩික්සන් සමත්විය. එහි ප‍්‍රවර්ථනය සාර්ථක කරගත් ශ්‍රී ලංකා පිලේ නායක තරින්ද රත්වත්තේ, දෙපිලේ ලකුණු සංඛ්‍යාව සම තත්ත්වයකට ගෙන ආවේය.

කෙසේ වුවත් හොං කොං පිලේ නායක හියුගෝ ස්ටයිල්ස්, තරගයේ 28 වැනි විනාඩියේදී සාර්ථක කරගත් දඩුවම් පහරත් සමගින් පළමු අර්ධය නිමාවන විට ලකුණු 10-07 ක් වශයෙන් තරගයේ පෙරමුණ ගැනීමට හොං කොං පිල සමත්විය.
 
දෙවැනි අර්ධය ආරම්භයේ සිටම වඩාත් ආක‍්‍රමණශීලී කී‍්‍රඩා විලාශයක් පෙන්නුම් කළ හොං කොං පිල, එහි තෙවැනි සහ සිව්වැනි විනාඩි වලදී පිට පිට ගෝල දිනුම් 2 ක් ලබාගනිමින් තම ලකුණු සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ නංවාගත්හ.

ඉන් නොනැවතුන හොං කොං කී‍්‍රඩකයෝ තරගයේ 7 වැනි විනාඩියේදී දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් සහ 18 වැනි විනාඩියේදී උත්සහක දිනුමක් ලබාගනිමින් තම කණ්ඩායමට තවත් ලකුණු 8 ක් එක් කරගත්හ.

හොං කොං පිල දෙවැනි අර්ධයේදී ලබාගත් උත්සහක දිනුම් 3 ටම හිමිකම් කීමට මැතිව් වොර්ලි සමත්වූ අතර එන් දෙකක ප‍්‍රවර්ථනයන් සහ දඩුවම් පහරක් සාර්ථක කරගැනීමට නායක හියුගෝ ස්ටයිල්ස් සමත්විය.

තරගය අතරතුරදී ශ්‍රී ලංකා පිලට දඩුවම් පහර 2 ක් හිමිවුවද, එම දඩුවම් පහර 2 සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකා නායක තරින්ද රත්වත්තේ අසමත් විය.

තරගයේ අවසන් භාගයේදී විනය විරෝධී ලෙස හැසිරීම නිසා හොං කොං පිලේ ස්ජෝර්ස් ලෝරිජ්සන්ට කහ පැහැති කාඞ්පත පෙන්වා දැඩි අවවාද කිරීමට ප‍්‍රධාන විනිසුරු වරයා කටයුතු කළේය.

 

ශී‍්‍ර ලංකා - හොංකොං රග්බි තරගාවලියේ සුවිශේෂී අවස්ථා
ඡායාරූප - ශානුක අරවින්ද

 


අදහස් (0)

ශ්‍රී ලංකාව හොංකොං පිලටත් පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.