Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව ‘ඩී’ කාණ්ඩයෙන් තරග බිමට
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය

ශ්‍රී ලංකාව ‘ඩී’ කාණ්ඩයෙන් තරග බිමට

editorial - 2024 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

බටහිර ඉන්දීය කොදෙව්හි සහ ඇමරිකා එක්සත් ජනපදයේ සත්කාරකත්වයෙන් මෙම වසරේ ජූනි මස 1 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ‘ඩී’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසීමට නියමිතය. දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ නේපාලය ‘ඩී’ කාණ්ඩය යටතේ තරග වදින සෙසු රටවල්ය. 

කණ්ඩායම් 20 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය තරග 55 කින් සමන්විත වන අතර ඉන් මූලික වටයේ තරග 16 ක් ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්, ඩලස් සහ ලොන්ඩර්හිල් යන නගරවලදී පැවැත්වීමට නියමිතය. 

අවසන් වටයේ තරගද ඇතුළුව සෙසු තරග 39 බටහිර ඉන්දීය කොදෙව්හි ඇන්ටිගුවා, බාර්බඩෝස්, ගයානා, ශාන්ත ලුසියා, ශාන්ත වින්සන්ට්, ටි්‍රනිඩෑන්ඞ් සහ ටොබේගෝ යන දූපත්වලදී පැවැත්වීමට නියමිතය. කැනඩාවට එරෙහිව සම සත්කාරක ඇමරිකා එක්සත් ජනපදය ඩලස්හිදී තරගාවලියේ සමාරම්භක තරගයට ක්‍රීඩා කරනු ඇත.  

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය දකුණු අප්‍රිකාවට එරෙහිව ජූනි මස 4 වැනිදා නිව්යෝක් නුවරදී පැවැත්වෙන අතර ඉන් අනතුරුව බංග්ලාදේශයට එරෙහිව ජූනි 7 වැනිදාද, නේපාලයට එරෙහිව ජූනි 11 වැනිදාද, නෙදර්ලන්තයට එරෙහිව ජූනි 16 වැනිදාද ශ්‍රී ලංකාව තරග බිමට පිවිසීමට නියමිතය. 
මේ අතර ඉන්දියාව, පාකිස්තානය, අයර්ලන්තය, කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය ‘ඒ’ කාණ්ඩය යටතේද, එංගලන්තය, ඕස්ටේ්‍රලියාව, නැමීබියාව, ස්කොට්ලන්තය සහ ඕමානය ‘බී’ කාණ්ඩය යටතේද, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ඝනිස්ථානය, උගණ්ඩාව සහ පැපුවා නිව් ගිණියාව ‘සී’ කාණ්ඩය යටතේද තරග වදිනු ඇත. 

මූලික වටයේ තරග අවසානයේ සෑම කාණ්ඩයකම පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් දෙක බැගින් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබනු ඇත. සුපිරි 8 දෙනාගේ වටයේදී සෑම කණ්ඩායමක්ම තරග 3 කට බැගින් ක්‍රීඩා කරන අතර එහිදී ඉහළම දස්කම් දක්වන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇත. 
ජූනි මස 26 වැනිදා ගයානාහිදී සහ 27 වැනිදා ටි්‍රනිඩෑඞ් සහ ටොබේගෝහිදී තරගාවලියේ අවසන් පූර්ව තරග පැවැත්වෙන අතර අවසන් මහ තරගය පැවැත්වීමට යොදා ඇත්තේ ජූනි 29 වැනිදා බාර්බඩෝස්හි කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදීය. 


ශ්‍රී ලංකාව සහභාගි වන මූලික වටයේ තරග 
ජූනි 3 - දකුණු අප්‍රිකාවට එරෙහිව නිව්යෝක්හිදී
ජූනි 7 - බංග්ලාදේශයට එරෙහිව ඩලස්හිදී
ජූනි 11 - නේපාලයට එරෙහිව ලොන්ඩර්හිල්හිදී
ජූනි 16 - නෙදර්ලන්තයට එරෙහිව ශාන්ත ලුසියාහිදී


අදහස් (0)

ශ්‍රී ලංකාව ‘ඩී’ කාණ්ඩයෙන් තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.