Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව 2-1 කින් ජෝර්දානය පරදවයි

ශ්‍රී ලංකාව 2-1 කින් ජෝර්දානය පරදවයි

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බී. එන්. පී. පරිබාස් ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියා ශාන්තිකර කලාපීය III වැනි කාණ්ඩයේ තරගයකදී තරග වට 2-1 ජෝර්දානය පරාජය කිරීමට ශ්‍රී ලංකාව අද (17 වැනිදා) සමත් විය.

‘ඒ’ කොටස යටතේ තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකාව, එහිදී ජෝර්දානයට එරෙහිව පැවැති කේවල තරග දෙක ජයගත්තද, යුගල තරගයේදී පරාජයට පත්විය. කේවල තරග වලදී ජෝර්දානයේ සෙයිෆ්  අඩාස් වට 2-0 ක් (6/3, 6/2) ලෙස පරාජය කිරීමට හර්ෂන ගොඩමාන්න සමත් වූ අතර මොවුසා ඇල්කොටොප් වට 2-0 ක් (6/2 6/4) ලෙස පරාජය කිරීමට ශාමල් දිසානායක සමත් විය. එහෙත් යුගල තරගයේදී හර්ෂන සහ ශාමල් වට 2-0 ක් (6/4, 6/5) ලෙස හමීඞ් අල් අසාවුද් සහ මොවුසා ඇල්කොටොප් හමුවේ පරාජයට පත්වූහ.

මෙම ජයග්‍රහණයත් සමගින් ‘ඒ’ කොටසේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. අද පැවැති තවත් තරගයකදී තරග වට 2-1 ක් ලෙස සිරියාව පරාජය කළ පැසිෆික් කලාපීය කණ්ඩායම ‘ඒ’ කොටසේ දෙවැනි ස්ථානය හිමිකරගත් අතර ජෝර්දානය එහි තෙවැනි ස්ථානයටත්, සිරියාව සිවුවැනි ස්ථානයටත් පත්විය.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන මීලග තරගය පැසිෆික් කලාපීය කණ්ඩායමට එරෙහිව අනිද්දා (19 වැනිදා) පැවැත්වෙන අතර ජෝර්දානය සහ සිරියාව අතර තරගයද එදිනම පැවැත්වීමට නියමිතය.

‘බී’ කොටසේ අද පැවැති තරග වලදී ජය ලැබීමට ලෙබනනය සහ කුවේට් රාජ්‍යය සමත් විය. එහිදී ලෙබනනය හමුවේ තර්ක්මේනිස්තානයද, කුවේට් රාජ්‍යය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයද තරග වට 2-1 ක් ලෙස පරාජයට පත්විය.

ඒ අනුව ‘බී’ කොටසේ පෙරමුණ ගැනීමට ලෙබනනය සමත්ව සිටින අතර කුවේට් රාජ්‍යය එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි. තුර්ක්මේනිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පිළිවෙලින් ‘බී’ කොටසේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන වල පසුවන අතර මෙතෙක් තරගයකට සහභාගි වී නැති මැලේසියාවට හිමිව ඇත්තේ එහි පස්වැනි ස්ථානයයි.

රටවල් 9 ක් සහභාගී වන මෙම තරගාවලියේ මූලික වටය ‘ඒ’ සහ ‘බී’ ලෙස කොටස් 2 ක් යටතේ ලීග් ක්‍රමයට අනුව පැවැත්වේ. එහිදී ‘ඒ’ කොටස යටතේ රටවල් 4 ක්ද, ‘බී’ කොටස යටතේ රටවල් 5 ක්ද තරග වදින අතර මූලික වටය අවසානයේ එම කොටස් දෙකේ ශූරයන් සහ අනු ශූරයන් බවට පත්වන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා තෝරා ගැනේ.

අවසන් පූර්ව වටයේදී ‘ඒ’ කොටසේ ශූරයන් සහ ‘බී’ කොටසේ අනු ශූරයන් බවට පත්වන කණ්ඩායම් දෙක අතර එක් තරගයක් පැවැත්වෙන අතර ‘බී’ කොටසේ ශූරයන් සහ ‘ඒ’ කොටසේ අනු ශූරයන් බවට පත්වන කණ්ඩායම් දෙක අතර අනෙක් අවසන් පූර්ව තරගය පැවැත්වේ.

එම තරග දෙකෙන් ජය ලබන කණ්ඩායම් දෙක අතර මේ වසරේ ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියා ශාන්තිකර කලාපීය III වැනි කාණ්ඩයේ ශූරතාව සඳහා අවසන් මහ තරගය පැවැත්වේ. එම කණ්ඩායම් දෙක ලබන වසරේදී පැවැත්වෙන ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියා ශාන්තිකර කලාපීය II වැනි කාණ්ඩයේ තරග වැදීම සඳහාද සුදුසුකම් සපුරයි.  

 

 

ශ්‍රී ලංකා - ජෝර්දාන ඩේවිස් කුසලාන තරගයේ උණුසුම් අවස්ථා...

 


අදහස් (0)

ශ්‍රී ලංකාව 2-1 කින් ජෝර්දානය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.