Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව 3-0 කින් ලිතුවේනියාව පරදවයි

ශ්‍රී ලංකාව 3-0 කින් ලිතුවේනියාව පරදවයි

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්පාඤ්ඤයේ බිල්බාවෝ නුවරදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ කණ්ඩායම් බැඞ්මින්ටන් ශූරතාවලියේදී ලිතුවේනියාවට එරෙහිව අද (4 වැනිදා) පැවැති තීරණාත්මක තරගයෙන් තරග වට 3-0 ක් ලෙස ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම තරගය ජය ගැනීම හේතුවෙන් ලංකා කණ්ඩායම ඊළග වටයේදී බල්ගේරියාවට එරෙහිව තරග වැදීම සඳහා සුදුසුකම් ලබාගත්තේය. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (5 වැනිදා) පස්වරු 1.00 ට ආරම්භ වීමට නියමිතය.  

මෙම තරගාවලියේ සම්පූර්ණ කණ්ඩායම් තරගයක් සඳහා කේවල තරග දෙකක් සහ යුගළ තරග තුනක් ඇතුළත් වූ අතර ලිතුවේනියාවට එරෙහිව පැවැති බාලක කේවල, බාලිකා කේවල සහ මිශ්‍ර යුගළ තරග 3 ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. සමස්ත තරගයේ ජයග්‍රහණයට තරග 5 න් 3 ක් ජයගැනීම ප්‍රමණවත් බැවින් ඉතිරි යුගළ තරග 2 (බාලක යුගළ සහ බාලිකා යුගළ) අත්හැර දැමිණ.

තරගාවලියට කණ්ඩායම් 54 ක් සහභාගි වී සිටින අතර ශ්‍රී ලංකාව මේ වන විට එහි 33 වැනි ස්ථානයත් 36 වැනි ස්ථානයක් අතර ස්ථානයක් අත්කරගැනීම සඳහා තරග වදිමින් සිටියි. බල්ගේරියාවට එරෙහිව පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය අනුව මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන ස්ථානය තීරණය වනු ඇත.


කණ්ඩායම් තරග ප්‍රතිඵල

ශ්‍රී ලංකාව විසින් තරග 3-0 ක් ලෙස ලිතුවේනියාව පරාජය කරන ලදි.

■    බාලක කේවල තරගයේදී මධුක දුලංජන විසින් තරග වට 2-1 ක් ලෙස පෝලියස් බර්ටේසස් පරාජය කරන ලදි. (21/11, 13/21, 21/19)
■    බාලිකා කේවල තරගයේදී බුත්මි ගලගමගේ විසින් තරග වට 2-0 ක් ලෙස එලිසබෙත් බර්සන්ස්කයිට් පරාජය කරන ලදි. (21/12, 21/06)
■    මිශ්‍ර යුගළ තරගයේදී රන්තුෂ්ක සසිඳු සහ නයනතාරා ටෙෂානි විසින් තරග වට 2-0 ක් ලෙස මාර්ක් සෑම්ස් සහ ඕස්ටේජා බ්ලැන්ඩිට් පරාජය කරන ලදහ. (21/07, 21/11)

 


අදහස් (0)

ශ්‍රී ලංකාව 3-0 කින් ලිතුවේනියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.