Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
කටාර් රාජ්‍යයේදී අද (28 වැනිදා) ආරම්භ වූ ආසියානු මේසපන්දු තරගාවලියේ මූලික වටයේ තරගවලදී 3-0 ක් ලෙස බංග්ලාදේශ පිරිමි සහ කාන්තා කණ්ඩායම් පරාජය කිරීමට ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් සමත් වූහ.
බංග්ලාදේශ පිරිමි කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී නායක චමීර ගිණිගේ වට 3-1 ක් ලෙසත්, සෙනුර සිල්වා වට 3-0 ක් ලෙසත්, මිලින්ද සිරිවර්ධන වට 3-1 ක් ලෙසත් ජයග්‍රහණ වාර්තා කරමින් ශ්‍රී ලංකාවට තරග 3-0 ක ජයක් අත්කර දුන්හ.
බංග්ලාදේශ පිරිමි කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකාවට තරග 3-0 ක ජයක් අත්කර දුන්නේ නායිකා ඉෂාරා මධුරංගි වට 3-0 ක් ලෙසද, බිමන්දි බණ්ඩාර වට 3-1 ක් ලෙසද, මුතුමාලි ප්‍රියදර්ශනී වට 3-0 ක් ලෙසද ජය වාර්තා කරමිනි.
මූලික වටයේදී දෙවැනි කාණ්ඩය යටතේ තරගවදින ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තායිලන්තයට එරෙහිවද, මූලික වටයේදී සිවුවැනි කාණ්ඩය යටතේ තරගවදින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කසකස්තානයට එරෙහිවද තවත් තරග 2 කට සහභාගි වීමට නියමිතය.
පිරිමි කණ්ඩායම් තරග ප්‍රතිඵල
චමීර ගිණිගේ (ශ්‍රී ලංකාව) විසින් වට 3-1 ක් ලෙස රිෆාත් සබීර් (බංග්ලාදේශය) පරාජයට කරන ලදි. (11/9, 11/4, 6/11, 11/4)
සෙනුර සිල්වා (ශ්‍රී ලංකාව) විසින් වට 3-0 ක් ලෙස රම්හිම්ලියාන් බවම් (බංග්ලාදේශය) පරාජයට කරන ලදි. (11/5, 11/6, 11/7)
මිලින්ද ලක්ෂාන් (ශ්‍රී ලංකාව) විසින් වට 3-1 ක් ලෙස අහමඩ් රිඩෝයි (බංග්ලාදේශය) පරාජයට කරන ලදි. (6/11, 11/8, 11/5, 11/9)
කාන්තා කණ්ඩායම් තරග ප්‍රතිඵල
ඉෂාරා මධුරංගි (ශ්‍රී ලංකාව) විසින් වට 3-0 ක් ලෙස සාදියා රෙහෙමාන් (බංග්ලාදේශය) පරාජයට කරන ලදි. (11/4, 11/6, 11/2)
බිමන්දි බණ්ඩාර (ශ්‍රී ලංකාව) විසින් වට 3-1 ක් ලෙස සනම් සුලියානා (බංග්ලාදේශය) පරාජයට කරන ලදි. (12/10, 11/7, 7/11, 13/11)
මුතුමාලි ප්‍රියදර්ශනී (ශ්‍රී ලංකාව) විසින් වට 3-0 ක් ලෙස නව්රින් සුලියානා (බංග්ලාදේශය) පරාජයට කරන ලදි. (11/5, 11/3, 11/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.