Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ තුන්වැනි හා අවසන් අදියරේ තරගාවලිය වූ, කොළඹ තුරඟ තරග පිටියේදී අද නිමාවට පත් තරගාවලියේදී තුන්වැනි ස්ථානය අත්කර ගැනීමට ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායම සමත්විය.
අදියර තුනකින් සමන්විත මේ තරගමාලාවේ දී ශ්‍රී ලංකා පිල තුන්වැනි තැන දිනාගත්තේ පළමුවරටය.
මීට පෙර පැවැති හොංකොං තරගාවලියේදී සහ දකුණු කොරියානු තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූයේ පස්වැනි ස්ථානයයි.
සුදර්ශන මුතුතන්ත්‍රීගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි ස්ථානය දිනාගනු ලැබුවේ අද පස්වරුවේ දකුණු කොරියාව ලකුණු 22-5 කින් පරාජය කරමිනි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ට දස්කම් පෑ රිචඞ් ධර්මපාල උත්සාහක දිනුම් 2 ක් තැබීමට සමත්වූ අතර ධනුෂ්ක රන්ජන් සහ රීසා රෆායිඩීන් උත්සාහක දිනුම බැගින් තැබූහ. ඉන් එක් උත්සාහක දිනුමක් තරින්ද රත්වත්ත විසින් ගෝලයක් බවට පත්කරනු ලැබිණ.
කුසලන තරගාවලියේදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකා පිල අවසන් පූර්ව තරගයේදී හොං කොං පිල හමුවේ ලකුණු 26-12 කින් පරාජයට පත්වීම හේතුවෙන් තුන්වැනි ස්ථානය තේරීමේ තරගයට පිවිසියේය. ශ්‍රී ලංකා පිල මෙවර ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ කුසලාන වටයේ අවසන් පූර්ව තරගයට එක්වූයේ පළමුවරටය.
මූලික වටයේදී අර්ධ අවසන් පූර්ව තරගයෙන් මැලේසියාවට එරෙහිව ලකුණු 22-5 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරගයට සේන්දු වීමට සමත්විය. මෙම තරගායේදී ශ්‍රී ලංකා පිල ගෝලයක් සහ උත්සාහක දිනුම් 3 ක් වාර්තා කළ අතර මැලේසියාවට රැස් කිරීමට හැකිවූයේ එක් උත්සාහක දිනුමක් පමණි.
මැලේසියාවට එරෙහි තරගයේදී විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ දනූෂ දයාන්. ධනුෂ්ක රන්ජන්. ජේසන් දිසානායක සහ නායක සුදර්ශන මුතුතන්ත්‍රි උත්සාහක දිනුම බැගින් තැබූහ.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.