Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හොං කොං හිදී පැවැත්වෙන ආසියාවේ නැගී එන කාන්තා කණ්ඩායම් අතර තරගාවලියේදී මධුෂිකා මෙත්තානන්දගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදවා කඩුලු 3 ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩිකාවෝ සමත් වූහ.
මෙත්තානන්දගේ පන්දු යැවීම හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ලකුණු 95 කට දැවී ගියේය. ඉලක්කය පහසු වූවත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ජයගත හැකිවූයේ එක පන්දුවක් පමණක් ඉතිරිව තිබියදීය.
ඕවර 3.3 ක් පමණක් යැවූ මෙත්තානන්ද, ලකුණු 16 කට කඩුලු 4 ක් දවාගනිමින් තරගයේ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයත් දිනාගත්තාය. ඇය යැවූ පන්දු 21 න් පන්දු 10 ක්ම නිළකුණු පන්දු ලෙසින් සටහන් වූ අතර ඇය හමුවේ ආරාබි ක්‍රීඩිකාවන් ලබාගත්තේ එකම හතරේ පහරක් පමණි. මල්ෂා ෂෙහානි (13/2 - නිළකුණු පන්දු 17 යි) සහ නිමාෂා මධුෂානි (17/2 - නිළකුණු පන්දු 11 යි) දෙදෙනාත් සාර්ථක පන්දු යැවීමක නිරත වූහ.
පහසු ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලාංකික පිතිකාරිනියන් කිසිවකුට සාර්ථක ලකුණු සංඛ්‍යාවක් ලබාගත නොහැකි විය. 20 වැනි ඕවරයට පෙර සහ 20 වැනි ඕවරයේදීත් කඩුලු දෙකක්ම බිඳ වැටුණ නමුත් මධුෂිකා මෙත්තානන්ද එවරත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියාය.
එක්සත් අරාබි එමීර් කාන්තාවෝ - ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 95 යි
(තීර්තා සතිෂ් 16, ඊෂා ඕසා 39, කුෂ්නි ෂර්මා 14, මධුෂිකා මෙත්තානන්ද 16/4, මල්ෂා ෂෙහානි 13/2, නිමාෂා මධුෂානි 17/2)
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ - ඕවර 19.5 කදී කඩුලු 7 ක් දැවී 96 යි
(විශ්මි ගුණරත්න 21, උමේෂා තිමේෂානි 10, කෞෂානි නෘත්‍යංගනා 14, ඉමේෂා දුලානි 15, මධුෂිකා මෙත්තානන්ද නොදැවී 11, නිලක්‍ෂණා සඳමිනි 12, ඊෂා ඕෂා 10/2, ඉන්දුජා නන්දකුමාර් 11/2)
- 213
ඡායාරූපය - ආසියානු ක්‍රිකට් සම්මේලනය අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.