Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එකොළොස් වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ සිය දෙවැනි තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුණු 101-29 ක් ලබමින් සිය දෙවැනි ජයග්‍රහනය වාර්තා කිරීමට සමත්විය. තරගාවලියේ දෙවැනි දිනය වූ අද (02 වැනිදා) සිංගප්පූරුවේ ඕ.සී.බී.සී. ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී මෙම තරගය පැවැත්විණ.
ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු ශතකය පසුකර ගිය දෙවැනි අවස්ථාව ලෙස මෙයයි. සෙනසුරාදා (01 වැනිදා) චීන තායිපේ කණ්ඩායමට එරෙහිව සිය පලමු තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුනු 137-05 ක් ලෙස තරගය ජයගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම තමන් සහභාගි වූ ‘බී‘ කාණ්ඩයේ තරග දෙකම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගත්තේය. හෙට (03 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායමට තරග නොමැත.
ශ්‍රී ලංකා ඉන්දීය තරගයේ පලමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ඉතා සටන්කාමී තරග විලාසයක් පෙන්නුම් කරමින් ලකුණු 26-08 ක් ලෙස එම කාර්තුව නිමා කළේය. එහිදී ගයංජලී අමරවංශ සහ තිලිණි වත්තේගෙදර පිටියේ මැදපෙල ශක්තිමත් කරමින් මනාව සබඳතා ගොඩනගමින් ලකුණු පුවරුව ඉහල දැමූ අතර ගයනි දිසානායකගේ පන්දු ගොඩගැනීමේ ආක්‍රමණශීලීත්වය නිසා වැඩිපුර ලකුණු කන්ඩායමට එකතු විය.
තර්ජිනි සිවලිංගම් වේගවත්ව ක්‍රීඩා කරමින් තමාට ලැබුණු අවස්ථා සියල්ල ලකුණු බවට පරිවර්තනය කළාය. තර්ජිනිගේ පන්දු විදීමේ සාමාන්‍යය 98්‍ර ක් තරම් ඉහල අගයක් ගෙන තිබීම සුවිශේෂිය.
දෙවැනි කාර්තුව තවත් වේගවත් කල ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එහිදී ඉන්දියාවට ලකුනු 04 ක් පමණක් දෙමින් තවත් ලකුණු 33 ක් එක්කර ගත්හ. එහිදී නෞචලී රාජපක්ෂ, හසිතා මෙන්ඩිස්, දුලංගි වන්නිතිලක දක්ෂතා දැක්වූහ.
තෙවැනි සහ සිව්වැනි කාර්තු වලදී පිළිවෙලින් ලකුනු 20-07 ක් සහ 22-10 ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ වඩාත් භයානකම කණ්ඩායම තමන් බව සෙසු කණ්ඩායම් වලට පෙන්වීය. ඉන්දීය තරගය පුරාම ගයනි දිසානායක, හසිතා මෙන්ඩිස් සහ දුලංගි වන්නිතිලක දක්ෂතා දැක්වීම කැපීපෙනුනි.
සෙනසුරාදා සිය පළමු තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම චීන තායිපේ කණ්ඩායමට එරෙහිව වාර්තාගත ලකුණු 137-05 ක ජයක් ලැබීමට සමත්විය. මෙය මෙවර ආසියානු දැල්පන්දු තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කල ඉහළම ලකුනු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක්විය.
තරගයේ පළමු කාර්තුව චීන තායිපේ කණ්ඩායමට ලකුනු 02 ක් පමණක් ලබා දෙමින් ලකුනු 37 ක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවෝ සමත් වූහ. අනතුරුව දෙවැනි කාර්තුව වඩාත් වේගවත්ව ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී තායිපේ ක්‍රීඩිකාවන්ට ලකුණු නොදී තවත් ලකුණු 37 ක් තම ලකුණු පුවරුවට එක්කළේ මෙවර ශූරතාව දිනාගන්නා කණ්ඩායම් අතර ඉහලම බලාපොරොත්තු තබමිනි.
ශ්‍රී ලංකා පුහුණුකාරිනී තිලකා ජිනදාස මහත්මිය ඇයගේ ක්‍රීඩිකාවන් කාර්තුවෙන් කාර්තුවට මාරු කරමින් හොඳ සලසුමක් ඇතුව කටයුතු කරනු දැකගත හැකි විය.
තෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුනු 32 ක් රැස් කර ගනිද්දී චීන තායිපේ ක්‍රීඩිකාවන්ට ලබාගත හැකි වූයේ එක් ලකුනක් පමනි. ඒ අනුව තෙවැනි කාර්තුව නිමාවනවිට ශ්‍රී ලංකා කන්ඩායමේ ලකුණු තත්ත්වය දිස්වූයේ ලකුනු 106-03 ක් වශයෙනි. ඊයේ දිනයේ තරග 04 ක් පැවැත්වුනු අතර එහිදී ශ්‍රී ලංකා කන්ඩායම පමනක් ලකුනු 100 එක්මවා යාම සුවිශේෂිය.
අවසන් කාර්තුවේදී රිද්මය ගිලිහි යාමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තවත් ලකුනු 31 ක් ලකුනු පුවරුවට එක්කලේ සමස්ත ලකුනු ප්‍රමානය 137-05 ක් ලෙස පලමු තරගයෙන් දැවැන්ත ජයක් ලබමිනි.
තරගාවලිය ආරම්භ වූයේ සිංගප්පූරුව සහ බෘනායි කන්ඩායම අතර තරගයෙනි. එම තරගය ලකුනු 68-19 ක් ලෙස (19-04, 20-04, 15-06 සහ 14-05) ජයගැනීමට සිංගප්පූරුව සමත් විය. අනතුරුව මැලේසියාව සහ ජපාන කන්ඩායම අතර තරගය පැවැත්වුනු අතර, එම තරගයෙන් ලකුනු 88-13 ක (22-05, 26-01, 23-03 සහ 17-04) ජයක් මැලේසියානු කණ්ඩායමට හිමිවිය.
මෙම තරගයේදී ජපාන කන්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු (හෙලංකා වීරසේකර සහ තිලිණි පෙරේරා) තරග කිරීම සුවිශේෂිය.
අද පැවති අනෙකුත් තරග වලින් මාලදිවයින ලකුනු 13-74 ක් (06-16, 01-20, 02-20 සහ 04-18) ලෙස පරාජය කරමින් මැලේසියාවද පාකිස්තානය ලකුනු 17-84 ලෙස පරාජය කරමින් සිංගප්පූරුවද (02-26, 09-15, 03-21 සහ 03-22) තම අපරාජිත බව තහවුරු කරගත්තේය.
හෙට (03දා) තරගාවලියේ තෙවැනි දිනය වන අතර චීන තායිපේ ඉන්දියාව සමගද හොංකොං පිලිපීනය සමගද ජපානය මාලදිවයින සමගද බෘනායි පාකිස්තානය සමගද තරග කිරීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.