Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේදී තායිලන්තයට එරෙහිව ලකුණු 24-12 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම පළඟ ශූරතාව අත්කර ගත්තේය. අයේෂා කළුආරච්චි, තනූජා වීරක්කොඩි, වාසනා වීරක්කොඩි සහ දුලානි පල්ලිකොන්දගේ උත්සාහක දිනුම් තැබීමට සමත්වූ අතර අයේෂා කළුආරච්චි සහ තනූජා වීරක්කොඩි එක් උත්සාහක දිනුම බැගින් ගෝල බවට ප්‍රවර්ථනය කළහ.
ශ්‍රී ලංකා කාන්තා රග්බි පිල පළඟ ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ සිංගප්පූරුවට එරෙහිව ලකුණු 19-15 ක ජයක් වාර්තා කරමිනි.
ඉරිදා උදෑසන පැවැති කුසලාන වටයේ අර්ධ අවසන් පූර්ව තරගයෙන් කසකස්තානය හමුවේ ලකුණු 27-7 ක පරාජයක් අත්විඳි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම තරගයේ ආරම්භයේ සිටම දැඩි පසුබෑමකට ලක් වූහ. කසක්ස්තානය උත්සාහක දිනුම් 5 ක් තැබූ අතර ඉන් එකක් ගෝලයක් බවට ප්‍රවර්ථනය කරගත්තේය. ශ්‍රී ලංකාව තැබූ එකම උත්සාහක දිනුමට හිමිකම් කියනු ලැබුවේ හිටපු නායිකා තනූජා වීරක්කොඩි විසිනි. එම උත්සාහක දිනුම ඇය විසින්ම ගෝලයක් බවට ප්‍රවර්ථනය කරන ලදී.
එසේවුවත් පළඟ ශූරතා අවසන් පුර්ව තරගයේදි විශිෂ්ට දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් මහා තරගයට සේන්දු වුයේ ගෝල් 2 ක් සහ උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. සිංගප්පූරුවට රැස් කිරීමට හැකිවූයේ උත්සාහක දිනුම් 3 ක් පමණි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අයේෂා කලුආරච්චි, තනූජා වීරක්කොඩි සහ තීක්ෂණා ලියනගේ උත්සාහක දිනුම් තැබූ අතර අයේෂා කලුආරච්චි උත්සාහක දිනුම් 2ක්ම ගෝල බවට ප්‍රවර්ථනය කිරීමට සමත්වූවාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.