Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කෙල්ලන්ට හොංකොං රාජ්‍යයත් පරදී

ශ්‍රී ලංකා කෙල්ලන්ට හොංකොං රාජ්‍යයත් පරදී

editorial - 2022 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ  සිංගප්පූරුව  සිට...)

සිංගප්පූරුවේ දැන් පැවැත්වෙන 12 වැනි ආසියානු  දැල්පන්දු තරගාවලියේදී     හොංකොං රාජ්‍යය  ලකුණු 62-51 කට  පරාජය කළ ශ්‍රී ලංකාව පිට පිටම 5  වැනි ජයග්‍රහණයත් ඊයේ (08) වාර්තා කෙළේය.

මෙම  තරඟයේ ජයග්‍රහණයට පෙරම තරගාවලියේ අවසන් පූර්ව වටයට නිර්දේශ ලබා සිටි ශ්‍රී ලංකාව  හෙට( 10 ) පළමු අවසන් පූර්ව තරගයේ දී ප්‍රතිවාදිනියන් ලෙස මුණ ගැසෙන්නේද අද ඔවුන් අතින් පරාජයට පත්වූ   හොංකොං රාජ්‍යයයි.

ඒ අනුව ඊයේ හොංකොං  රාජ්‍යයට එරෙහිව ලැබූ තරග ජයග්‍රහණය  ඔවුන් අවසන් පූර්ව වටයේ තරගයට දිරි ගන්වන්නකි. ඒ අනුව ඊයේ තරගයේ වට 4 දී ශ්‍රී ලංකාව ලකුණු  20-09,17-13,11-16,14-13 ක් ලෙස රැස් කරමින් ඊයේ  තරගය ජයග්‍රහණය කළේය. දෙපිල අතර පළමු අවසන් පූර්ව තරගය  හෙට(10) ශ්‍රී ලංකා  වේලාවෙන්  12-30 පැවැත්වේ

කෙසේ වුවත් ඊයේ හොංකොං කණ්ඩායම  සමග පැවැති තරගයේ තෙවැනි සහ සිව්වැනි තරග වට දෙකේදි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ප්‍රබල තර්ජනයක් ගෙන දෙමින් හොංකොං  ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම් කැපී පෙනුණි.එහිදී තෙවනි වටය ලකුණු 5කින් ජය ගැනීමටත්  සිව්වනි වටයේදී  ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට  කරට  කර සටනක් දෙමින් තරග වැදීමත් කැපීපෙනුණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා ගයංජලි අමරවංශ  ලංකාදීප ට පැවසුවේ කුමන තත්ත්වයක් මැද වුවත් මෙම තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වීම අගය කළ යුතු බවයි "  එකම තරගයක්වත් පරදින්නේ නැතුව මේ ගමන අපි ආවා. හොංකොං  නැවැත වතාවක් අපිට මුණගැසෙනවා .අපි නියත වශයෙන්ම ඔවුන් පරාජය කර අවසන් තරගයට එනවා විතරක් නෙවේ කුසලානයත් නැවැත දිනා දෙනවායයිද'' ඇය එහිදි පැවැසුවාය.

තරගයෙ අවසන් භාගයේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබැස්ම ගැන ලංකා දීපයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනි හයිසින්ත් විජෙසිංහ  මහත්මිය මෙසේ පැවැසීය" ඇත්තටම අපි මෙම තරගයේදි උත්සහ ගත්තෙ ක්‍රීඩිකාවන් වැඩිගනනක් ආදේශ කරලා ඔවුන්ගේ දක්ෂතා  නිරීක්ෂණය  කරන්නයි.එහෙත් එය අපි හිතපු තරම් සාර්ථක වුණේ නෑ අපේ සංචිතයේ අපේක්ෂිත දස්කම්  ක්‍රීඩිකාවන් හත්අට දෙනෙකුට පමණක් සීමා වී තිබෙනවා.

තිසාලා අල්ගම වැනි ක්‍රීඩිකාවක්  බංකුවේ තියන්නට සිදුවීම ගැන මම කණ් ගාටු වෙනවා.නමුත් අපි සෙනසුරාදා අවසන් පූර්ව තරගයේදි මීටත් වඩා හොදට හොංකොං  කණ්ඩායම පරාජය කරනවා.''

මේ අතර ශ්‍රී ලංකා වේලාවෙන් හෙට(10) පස්වරු 3ට සත්කාරක සිංගප්පූරුව  හා  මලයාසියාව  අතර දෙවැනි අවසන් පූර්ව  තරගය පැවත්වේ. එම දෙපිලම ඊයේ  මුණගැසුණු දෙවනි වටයේ තරගයකදි සිංගප්පූරුව  ලකුණු  56-43  ක ජයක් ලැබීය .

 


අදහස් (0)

ශ්‍රී ලංකා කෙල්ලන්ට හොංකොං රාජ්‍යයත් පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.