Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පරාජිත මානසිකත්වයෙන් මිදුණු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම තම උපක‍්‍රම ඔස්සේ දැන් ජයග‍්‍රාහී මාවතකට පිවිස ඇතැයි එහි නව නායක සුරන්ද නිපුණ බණ්ඩාර තායිලන්ත (බැංකොක්ð පුහුණු සංචාරයට ඊයේ (11) පිටත්ව යාමට පෙර ”පාපන්දු නිවසේ” පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙම 31 වැනිදා නේපාලයේ කත්මන්ඩු නුවරදී ආරම්භ වන 8 වැනි සාෆ් පාපන්දු තරගාවලිය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මෙම පුුහුණු සංචාරයට සහභාගි වෙයි.
එහිදී තායිලන්ත පුහුණු සංචාරයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම කෙලින්ම කත්මන්ඩු තරගාවලියට සහභාගි වන බැවින් එම තරග සංචාරය ගැන කරුණු දැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.
මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් පැවසුවේ, බ‍්‍රසීල පාපන්දු පුහුණුකරුවන්ගේ සේවය ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබීමත් සමග එහි ක‍්‍රීඩකයන් අලූත් ප‍්‍රබෝධයකින් කටයුතු කරන බවය.
”අපේ කණ්ඩායමත් වෙනස් වෙලා. පුහුණුකරුවනුත් වෙනස් වෙලා. අලූත් උපක‍්‍රම නවීන තාක්ෂණික මෙවලම් දැන් අපේ සිතුවිලි වෙනස් කරන්න පටන් අරන්. බ‍්‍රසීල පුහුණුකරුට ඒ ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. අපේ පළමු අරමුණ ‘සාෆ්’ තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමයි. ඒ ගැන අපට තිබෙන්නේ ලොකු විශ්වාසයක්” මාධ්‍ය හමුවේදී සුරන්ද වැඩිදුරටත් පැවසීය.
මාස දෙකකට ආසන්න කාලයක සිට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස සේවය බාරගත් බ‍්‍රසීල පුුහුණුකරු ක්ලාවියෝ රොබටෝ සිල්වේරියා මහතා මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ මෙවර සාෆ් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අපේක්‍ෂිත ඉලක්කය කරා ළඟාවීමේ සුදුසුකම්වලින් සමන්විත වන බව සිය විශ්වාසය බවයි.
නව නායක සුරන්ද අනුරාධපුරය සොලිඞ් ක‍්‍රීඩා සමාජයේ ක‍්‍රීඩකයෙකි. ප‍්‍රාදේශීය ක‍්‍රීඩා සමාජයක ක‍්‍රීඩකයෙකුට මෑත කාලයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිවීම විශේෂිත සිදුවීමකි. ඔහුගේ සොහොයුරු නිපුණ බණ්ඩාර ද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටීම තවත් විශේෂිත සිදුවීමකි.
තම නායකයා ද ඇතුළුව හිටපු නායක චතුර ගුණරත්න, බණ්ඩාර වරකාගොඩ, තුවාන් රිස්නි, නිපුණ බණ්ඩාර හා මොහොමඞ් ඉසඩින් වසර 2011 නවදිල්ලි නුවරදී අවසන් වරට පැවැති සාෆ් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෝ වෙති.
මෙවර සාෆ් තරගාවලියේ ශූරයන්ට ඇමරිකානු ඩොලර් 25000ක් හෙවත් රුපියල් මිලියන තුනකට (3) අධික මුදල් ත්‍යාගයක් පිරිනැමේ.
අනුශූරයන් හා තෙවැනි ස්ථානය සඳහා ඩොලර් 15,000ක් හා 10,000ක් වන පරිදි පිරිනමති. එවකට ”සාක් රන් කුසලාන” ලෙස හැඳින්වූ මෙම තරගාවලිය වසර 1995 දී ජය ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව මෙතෙක් තරගාවලියේ දී ඉහළ දස්කම් දැක්වීමට සමත් වී නොමැත.
මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව පළමු තරගයට සැප්තැම්බර් 2 වැනිදා මාලදිවයිනට එරෙහිව සහභාගිවීමට නියමිතය. දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩාමට සෙත් පතමින් පාපන්දු නිවසේදී සර්ව ආගමික වැඩසටහන් ද පැවැත්විණි.
තායිලන්ත පුහුණු සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එරට ප‍්‍රධානතම පාපන්දු තරගාවලිය ජයගත් ක‍්‍රීඩා සමාජය ඇතුළු එහි ප‍්‍රබල යොවුන් පාපන්දු කණ්ඩායම් කිහිපයක් සමග පුහුණු තරග සඳහා සහභාගිවීමට නියමිතය.
නවදිල්ලි තරගාවලියේ දී ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමට අපොහොසත් වූයේ මූලික වටයේදී ජයග‍්‍රහණය එකම තරගයකට පමණක් (භූතානයට එරෙහිව) සීමා නොවීම නිසාය.
10 වැනි සාෆ් පාපන්දු තරගවලියට සහභාගි වන ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම
බණ්ඩාර වරකාගොඩ, නිපුණ බණ්ඩාර, මොහොමඞ් ඉසඩින්, සුරන්ද බණ්ඩාර (නායක), චතුර ගුණරත්න (උපනායක), රවුවී මොහිදීන්, ෂන්ක ධනුෂ්ක, සනෝජ් සමීර, බුද්ධික බණ්ඩාර, තරිඳු එරංග, චතුරංග සංජීව, තුවාන් රියන්, පීටර් මාල්ස්, මොහොමඞ් ඉම්රාන්, අමිත් කුමාර, මොහොමඞ් සමීර්, ළහිරු තාරක, සුදර්ශන ගුණසිංහ, දසුන් පරණවිතාන, ඞී.එම්. සිල්වා, සජිත් කුමාර, සුජාන් පෙරේරා, මොහොමඞ් නෆීර්, මොහොමඞ් පසාල්
නිලධාරීන්
කළමනාකරු මොහොමඞ් රමීජ්, ප‍්‍රධාන පුහුණුකරු ක්ලායියෝ රොබටෝ සිල්වේරා, සහය පුහුණුකරු ආබ්රූ රන්ගල් ප‍්‍රතිසර්, දැල් රකින්නන්ගේ පුහුණුකරු ඞී.එස්. චන්ද්‍රසිරි හා සම්බාහක - එස්.එන්.පී.කේ. සිල්වා යන මහත්වරු (භාෂා පරිවර්තකයෙකු ලෙස සිසිර අජන්ත ද සිල්වා මහතා ද මෙම මෙම තරග සංචාරයට එක්ව සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.