Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙදින පුහුණු තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම, පළමු දිනය වූ අද (30 වැනිදා) තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 392 ක් ලබා සිටියේය.
දිනයේ අවසන් ඕවරයේ පස්වැනි පන්දුවේදී පැතුම් නිස්සංක ලකුණු 29 කට දැවීයෑමත් සමග සිය ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකා කණ්ඩායම පියවර ගත්තේය. ඒ අනුව තරගයේ දෙවැනි දිනය වන හෙට (31 වැනිදා) එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම ආරම්භ කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ කෞෂාල් සිල්වා සහ ළහිරු තිරිමාන්න සමත් වූහ. හතරේ පහර 8 ක් සමග ලකුණු 62 ක් ලබා සිටියදී කෞෂාල් පිටියෙන් ඉවත්ව ගියේ සෙසු පිතිකරුවන්ට පන්දුවට පහරදීමේ අවස්ථාව සලසා දෙමිනි.
තෙවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි සධීර සමරවික්‍රමද සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් හතරේ පහර 11 ක් සමග ලකුණු 58 ක් රැස්කිරීමෙන් අනතුරුව පිටියෙන් ඉවත්ව ගියේය. ළහිරු තිරිමාන්න හතරේ පහර 4 ක් සමග ලකුණු 45 ක්ද, ඇන්ජලෝ මැතිව්ස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 45 ක්ද බැගින් ලබා සිටියදී ජේම්ස් ඇන්ඩසන්ගේ සහ මුයින් අලීගේ පන්දු හමුවේ අර්ධ ශතක පෙනි පෙනී දැවී ගියහ.
ඉන් අනතුරුව පිටියට පිවිසි චරිත් අසලංකට (8) සහ කමිඳු මෙන්ඩිස්ට (11) වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට එංගලන්ත පන්දු යවන්නෝ ඉඩක් නොදුන්හ. එහෙත් 7 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි අෂාන් ප්‍රියන්ජන් හතරේ පහර 8 ක් සමගින් ලකුණු 50 ක් රැස්කිරීමට සමත් විය. අර්ධ ශතකය ලබාගැනීමත් සමග ඔහුද පිටියෙන් ඉවත්ව ගියේ සෙසු පිතිකරුවන්ට අවස්ථාව ලබාදීමේ අරමුණෙනි.
රොෂේන් සිල්වා ලකුණු 11 ක් ලබා සිටියදී ආදිල් රෂීඞ්ගේ පන්දුවක් හමුවේ මුයින් අලී අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියද, දිනය නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි මනෝජ් සරත්චන්ද්‍ර හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 59 කි. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉනිමේ සිවුවැනි අර්ධ ශතකයද විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිලේ පළමු ඉනිම - කඩුලු 9 කට 392
(ළහිරු තිරිමාන්න 45, කෞෂාල් සිල්වා 62, සධීර සමරවික්‍රම 58, ඇන්ජලෝ මැතිව්ස් 45, අෂාන් ප්‍රියන්ජන් 50, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 59, පැතුම් නිස්සංක 29, මුයින් අලී 64/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.