Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු බේස්බෝල් සංගමයේ සංවිධානයෙන් සැප්තැම්බර් මස 1 වැනිදා සිට 8 වැනිදා දක්වා තායිලන්තයේදී පැවැත්වෙන ආසියානු යොවුන් බේස්බෝල් ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (30 වැනිදා) උදෑසන දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම කී‍්‍රඩකයන් 18 දෙනෙකුගෙන් සහ පුහුණුකරුවන් දෙනෙකුගෙන් සමන්විත වන අතර හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර කී‍්‍රඩා සංකීර්ණයේ පිහිටි ජපන් - ශ්‍රී ලංකා මිත‍්‍රත්ව බේස් බෝල් කී‍්‍රඩාංගණයේදී ඊයේ (28 වැනිදා) ඔවුහු සිය අවසන් පුහුණු සැසියට සහභාගී වූහ.
ශාන් තෙන්නකෝන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසත්, දුබ‍්‍රමනියම් වසීතරන් කණ්ඩායමේ උප නායකයා ලෙසත් කටයුතු කරන අතර සිසිර කුඹුකගේ මහතා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙසත්, පි‍්‍රයන්ත පීරිස් මහතා කණ්ඩායමේ සහයක පුහුණුකරු ලෙසත් කටයුතු කරති.
බේස් බෝල් කී‍්‍රඩාවේ නිරත වන ආසියාතික රටවල් 25 ක් අතුරින් රටවල් 8 කට පමණක් මෙම තරගාවලියට සහභාගී වීමේ වරම් හිමිවී තිබේ. එහිදී ශ්‍රී ලංකාව සමගින් ජපානය, චීන තායිපේ, චීනය, කොරියාව, පාකිස්තානය, පිලිපීනය සහ තායිලන්තය යන රටවල් කාණ්ඩ 2 ක් යටතේ තරග වැදීමට නියමිතය.
ලෝක ශ්‍රේණිගත කිරීම් වල 2 වැනි ස්ථානයේ පසුවන ජපානය සහ 4 වැනි ස්ථානයේ පසුවන චීන තායිපේ දේශය මෙම තරගාවලියේ ඉදිරියෙන්ම සිටින රටවල් 2 ලෙස සැලකිය හැකිය.
ඊට අමතරව කොරියාව ශ්‍රේණිගත කිරීම් වල 8 වැනි ස්ථානයේද, පාකිස්තානය ශ්‍රේණිගත කිරීම් වල 21 වැනි ස්ථානයේද, චීනය ශ්‍රේණිගත කිරීම් වල 20 වැනි ස්ථානයේද, පිලිපීනය ශ්‍රේණිගත කිරීම් වල 23 වැනි ස්ථානයේද, තායිලන්තය ශ්‍රේණිගත කිරීම් වල 25 වැනි ස්ථානයේද, පසුවෙයි.
තරගාවලියට සහභාගී වන රටවල් අතුරින් ශ්‍රේණිගත කිරීම් වල පහළින්ම රැුදීසිටින රට ලෙස ශ්‍රී ලංකාව හැදින්විය හැකි අතර ශ්‍රී ලංකාවට හිමිවී ඇත්තේ ලෝක ශ්‍රේණිගත කිරීම් වල 30 වැනි ස්ථානයයි.
පළමු කාණ්ඩයෙන් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම, තරගාවලියේ ආරම්භක දිනයේදීම (1 වැනිදා) චීනය සමග තරග වැදීමට නියමිතය. එම තරගය තායිලන්තයේ කුවීන් සිරිකිට් කී‍්‍රඩා සංකීර්ණයේ පිහිටි බේස් බෝල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. ජපානය සහ පීලිපීනය පළමු කාණ්ඩයට අයත් අනිනෙක් රටවල් වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම
ශාන් තෙන්නකෝන් (නායක), දුබ‍්‍රමනියම් වසීතරන් (උප නායක), අසංක ලක්මාල්, සහන් අවිෂ්ක, තරිඳු පිටවල, ශෙනාල් ඩුවින්, චතුර සඳමාල්, චමින්ද හර්ෂ, මනුල් රන්දුල, කළණ කිත්සිරි, කාවින්ද රාජරත්න, ඩිලේන් ප‍්‍රනාන්දු, කවිඳු මධුභාෂණ, නවීන් ප‍්‍රමෝද්, පසිඳු මලින්ද, කුසල් චතුරංග, බිම්සර අවිනාශ්, හසිරු මලිත්, සිසිර කුඹුකගේ (පුහුණුකරු), ප‍්‍රියන්ත පීරිස් (සහයක පුහුණුකරු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.