Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා පිල ලකුණු 34 කින් ජයගනී

ශ්‍රී ලංකා පිල ලකුණු 34 කින් ජයගනී

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග හතකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ වෙලින්ටන්හිදී අද (29) පැවැති හත්වැනි සහ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 34 ක ජයක් ලැබීය. නවසීලන්තය 4-2 ක් ලෙස තරගාවලියේ ජය හිමිකර ගත්තේය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 288 ක ඉලක්කය හඹාගිය නවසීලන්ත ඉනිම  ඕවර 45.2 කදී ලකුණු 253 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

නුවන් කුලසේකර (55/2), ශාමින්ද එරංග (34/2) සහ දුෂ්මන්ත චමීර (60/2) කඩුලූ දෙක බැගින් දවා ගැනීමට සමත් වූහ.

ලූක් රොන්චි පන්දු 42 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 47 ක් රැුස්කරමින් වැටී තිබූ ඉනිමට ශක්තියක් එකතු කළේය.

ලකුණු 141 ට කඩුලූ 6 ක් වැටී තිබියදී ලූක් රොන්චි සහ ඩැනියල් විටෝරි (35) 7 වැනි කඩුල්ලට ලකුණු 74 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණයට ලඟා වියහැකි මට්ටමකට රැගෙන ආහ.

නායක කේන් විලියම්සන් පන්දු 83 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 54 ක් රැස් කළේය.

රෝස් ටේලර් ලකුණු 11 ක් ලබා තෙවැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමඟ නවසීලන්ත ඉනිම සසළ විය.

ටොම් ලෙතම් සිවුවැනි  ඕවරයේ තෙවැනි පන්දුවේදී ලකුණු 6 කට දැවී ගිය අතර නවසීලන්ත පිලට පළමු අධිවේගී  ඕවර 10 යේදී රැුස්කළ හැකි වූයේ ලකුණු 34 ක් පමණි.

නුවන් කුලසේකර යැවූ නවසීලන්ත ඉනිමේ පළමු පන්දුවේදී මාටින් ගප්ටිල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සිය 21 වැනි එක්දින ශතක ලෙස පන්දු 105 කදී හතරේ පහර 14 ක් සමගින් නොදැවී ලකුණු 113 ක් රැස්කිරීමට සමත් විය.

සංගක්කාර ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයට පැමිණීමට තවත් ලකුණු 12 ක් පමණක් පසු පසින් සිටියි. සංගක්කාර මේ වන විට තරග 397 කදී ලකුණු 13,693 ක් රැස්කරමින් තෙවැනි ස්ථානයේ පසු වෙයි.

ඕස්ටේ‍්‍රලියානු හිටපු නායක රිකි පොන්ටිං තරග 375 කදී ලකුණු 13,704 ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවෙයි.

ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් තරග 463 කදී ශතක 49 ක් සහ අර්ධ ශතක 96 ක් සමගින් ලකුණු 18,426 ක් රැස්කරමින් එක්දින ලකුණු ලාභීන් අතර පළමු ස්ථානය හිමිකර ගෙන සිටියි.

අංක 5 පිතිකරු ලෙස පිටියට පිටිසි සීකුගේ ප‍්‍රසන්නට රැුස්කළ හැකි වූයේ ලකුණක් පමණි. අධිවේගී  ඕවර තුළදී සීකුගේ පිතිකරු ලැයිස්තුවේ ඉදිරියට ගෙන එමින් දිනේෂ් චන්දිමාල් පසු පසට තල්ලූ කිරීමෙන් ශ‍්‍රී ලංකාවට පහසුවෙන් ලකුණු 300 ට යෑමට තිබූ අවස්ථාව බිලි දුන්නේය.

මහේල ජයවර්ධන ලකුණු 14 ක් ලබා සිටියදී ටිම් සවුතිගේ පන්දුවක් තර්ඞ් මෑන් කළාපයට ස්ථානගත කිරීමට යෑමෙන් කඩුලූ රකින ක‍්‍රීඩක ලූක් රොන්චි උඩ පන්දුවක් රැකගැනීමෙන් දැවී ගියේය.

තිලකරත්න ඩිල්ෂාන් මෙම තරගාවලියේ තවත් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 98 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 81 ක් ක් දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්විය. මෙය ඩිල්ෂාන්ගේ 42 වැනි එක්දින අර්ධ ශතකයයි.

තිලකරත්න ඩිල්ෂාන් සහ කුමාර් සංගක්කාර දෙවැනි  කඩුල්ලට ලකුණු 104 ක සම්බන්ධතාවක් පවත්වමින් නවසීලන්ත පිලේ සියලූම සැළසුම් සුණු විසුණු කිරීමට සමත් වූහ.

ළහිරු තිරිමාන්න පන්දු 41 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 30 ක් ලබා කොරි ඇන්ඩසන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.  

ශ‍්‍රී ලංකා පිලේ තාවකාලික නායක ළහිරු තිරිමාන්න කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

කුමාර් සංගක්කාර තරගයේ වීරයා සෙ ද, කේන් විලියම්සන් තරගාවලියේ වීරයා ලෙස ද, සම්මාන හිමිකර ගත්තේය.

ආබාධයකට ලක්ව සිටින ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයෙන් ද ඉවත්ව සිටියේය.

මෙම සංචාරය අතරමගදී එක්වූ පා දග පන්දු යවන සීකුගේ ප‍්‍රසන්න සහ වේග පන්දු යවන දුෂ්මන්ත චමීර මෙම තරගයට ක‍්‍රීඩා කළහ.

නවසීලන්ත පිලේ නායක බ්‍රෙන්ඩන් මැකලම් මෙම තරගයට ක‍්‍රීඩා නොකරන අතර උප නායක කේන් විලියම්සන් නායකයා ලෙස කටයුතු කළේය.

ලකුණු පුවරුව

තවත් සේයා රූ මෙතැනින්

048


අදහස් (0)

ශ්‍රී ලංකා පිල ලකුණු 34 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.