Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවෝද් පරණවිතානගේ (66) සහ නිපුන් ධනංජයගේ (නොදැවී 38) පිතිහරඹය හමුවේ සංචාරක බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (03 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගය කඩුලු 8 කින් ජයගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග 5 කින් සමන්විත යොවුන් එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත්විය.
ජයග්‍රහණය සොයා පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඕවර 25 කදී ලකුණු 161 ක ඉලක්කයක් හිමිවූ අතර ඕවර 16.4 කදී කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පහසුවෙන් ජයගැනීමට ඔවුන් සමත්වූහ.
තෙවැනි කඩුල්ල සඳහා පන්දු 27 කදී ලකුණු 46 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට නායක නිපුන් ධනංජය සහ රවිඳු රශාන්ත සමත්වූහ. පන්දු 15 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 38 ක් රැස්කිරීමට නිපුන් ධනංජය සමත්වූ අතර රවිඳු රශාන්ත පන්දු 32 කදී හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 32 ක් රැස්කිරීමට සමත්විය.
වේගවත් ආරම්භයක් ලබාගනිමින් පන්දු 29 කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ නවෝද් පරණවිතාන ලකුණු 66 ක් ලබා සිටියදී ශමීම් පත්වාරිගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියේය. පන්දු 39 කට මුහුණදුන් නවෝද් පරණවිතානගේ ඉනිම හතරේ පහර 10 කින් අලංකාර විය.
කමිල් මිශාර සමගින් එක්ව පන්දු 35 කදී ලකුණු 66 ක වේගවත් සම්බන්ධතාවයක් පැවැත්වූ නවෝද් පරණවිතාන දෙවැනි කඩුල්ල සඳහාද රවිඳු රශාන්ත සමගින් එක්ව පන්දු 38 කදී ලකුණු 49 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනගමින් ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දමා දීමට සමත්විය.
අසදුල්ල ගලීබ්ගේ පන්දුවක් හමුවේ තව්හිඞ් රිඩෝයි අතට උඩපන්දුවක් දෙමින් පළමු කඩුල්ල ලෙස කමිල් මිශාර දැවීයන විට පන්දු 12 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 26 ක් රැස්කිරීමට සමත්විය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක නිපුන් ධනංජයයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය දෙවැනි වරටත් නතර කරනවිට ඕවර 26.4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 114 ක් රැස්කිරීමට සමත්වූහ. හසන් ජෝයී ලකුණු 25 ක් සහ ශමීම් පත්වාරි ලකුණු 5 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
ඒ අනුව වර්ෂාව හේතුවෙන් දෙවැනි වරටත් තරගය නතර කිරීම නිසා මිනිත්තු 130 ක පමණ කාලයක් තුළ ඕවර 30.2 ක් අතහැර දැමීමට සිදුවිය.
වේගවත් ආරම්භයක් ලබාගත් තන්සීඞ් හසන් පන්දු 36 කදී ලකුණු 38 ක් රැස්කර සිටියදී පන්දු යැවූ ලක්ෂාන් ගමගේ අතටම උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. දැවීයන විට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සිය ඉනිමට එක්කර ගැනීමට තන්සීඞ් හසන් සමත්විය.
තන්සීඞ් හසන් දවාගැනීමෙන් නොනැවතුණු ලක්ෂාන් ගමගේ ඔහු විසින් යවන ලද දෙවැනි ඕවරයේදී ප්‍රිතම් කුමාර් දවාගැනීමට සමත්විය. රවීන් ද සිල්වාගේ පන්දු රැකීම හසුවේ ප්‍රිතම් කුමාර්ගේ ඉනිම ලකුණු 8 කට අවසන් විය.
ප්‍රිතම් කුමාර් සමගින් එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 64 කදී ලකුණු 57 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට තන්සීඞ් හසන් සමත්වූ අතර ඔහුගේ දැවීයාමත් සමගින් එම සම්බන්ධතාවයට තිත තැබුණි.
හසන් ජෝයී සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 45 ක සම්බන්ධතාවයක් පැවැත්වූ නායක තව්හිඞ් රිඩෝයී ලකුණු 20 ක් රැස්කර සිටියදී රවීන් ද සිල්වාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.
අද උදෑසන ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය පැයකුත් මිනිත්තු 30 ක් ප්‍රමාදවූ අතර එක් පිලකට ඕවර 45 කට මෙම තරගය සීමාවිය. නමුත් තරගය ආරම්භවී මිනිත්තු 15 කින් පමණ යළිත් ක්‍රීඩාංගණයට වර්ෂාව පතිතවීම හේතුවෙන් තරගය නතර කිරීමට විනිසුරුවන්ට සිදුවූහ. පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ඒ වනවිට ඕවර 3 කදී කිසිවකු නොදැවී ලකුණු 15 ක් රැස්කර සිටියේය. වර්ෂාව හේතුවෙන් මිනිත්තු 30 ක පමණ කාලයක් නතර කර තිබූ තරගය පෙරවරු 11 ට නැවත ආරම්භ කළ අතර යළිත් ඕවර 4 බැගින් දෙපිලටම අහිමිවිය.
දෙවැනි එක්දින තරගයට ක්‍රීඩාකළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකරමින් මුදිත ප්‍රේමදාස සහ මොහොමඞ් ශමාස් ඉවත් කර කමිල් මිෂාර සහ රවිඳු රශාන්ත කණ්ඩායමට කැඳවා තිබූ අතර බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේද වෙනස්කම් දෙකක් සිදුකරමින් නව්රෝස් නබිල් සහ ශහින් අලාම් වෙනුවට ප්‍රිතම් කුමාර් සහ අසදුල්ලා ගලීබ් කණ්ඩායමට කැඳවූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.