Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ආසියානු ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ කාන්තා ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටය යටතේ අද (20 වැනිදා) පැවැති තරගයකදී ඉන්දීය යොවුන් කාන්තා කණ්ඩායම හමුවේ කඩුලු 4 කින් පරාජයක් ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් නොළබාම තරගාවලියෙන් ඉවතට විසිවූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 99 ක පහසු ඉලක්කයක් හඹාගිය ඉන්දීය යොවුන් කාන්තා කණ්ඩායම ඕවර 14.5 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ඉලක්කය සපුරා ගත්තේය. එහිදී ජී. ටී්‍රෂා පන්දු 24 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 32 ක්ද, ආරම්භක පිතිකාරිණී ජී. කමිලිනී පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 28 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
ඉන්දීය යොවුන් ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ටී්‍රෂා සහ කමිලිනී සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ චමුදි මුණසිංහ ලකුණු 16 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් වුවද, ඇයට ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූවාය. එහිදී ශෂිනි ගිම්හානි කඩුලු 2 ක් දවාගත්තේ ප්‍රතිවාදී පිතිකාරිණියන්ට ලකුණු 18 ක් ලබා දෙමිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමට අයුෂි ශුක්ලා ප්‍රමුඛ ඉන්දීය යොවුන් පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීහ හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 98 ක් පමණි. ශ්‍රී ලංකා යොවුන් පිතිකාරිණියන් අමාරුවේ දැමූ අයුෂි, සිය ඕවර 4 ලකුණු 10 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳහෙළුවාය.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ නායිකා මනුදි නානායක්කාර පන්දු 30 කින් ලකුණු 33 ක් ලබාගත්තේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි. පිතිකාරිණියන් 7 දෙනකුම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් පෙරාතුව දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් සුමුදු නිසංසලා පන්දු 31 කදී හතරේ පහරක් සමග ලකුණු 21 ක් රැස්කළාය.
ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 98
(සුමුදු නිසංසලා 21, මනුදි නානායක්කාර 33, අයුෂි ශුක්ලා 10/4, පරුනිකා සිසොදියා 27/2)
ඉන්දීය යොවුන් කාන්තා පිල - ඕවර 14.5 කදී කඩුලු 9 කට 102
(ජී. කමිලිනී 28, ජී. ටී්‍රෂා 32, වී. මිතිලා නොදැවී 17, චමුදි මුණසිංහ 16/3, ශෂිනි ගිම්හානි 18/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.