Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ සිම්බාබ්වේ වයස 19 න් පහළ කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ කිම්බර්ලි නුවරදී අද (21 වැනිදා) පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 39 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 205 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ යොවුන් කණ්ඩායම, ඕවර 13.2 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 30 ක් ලබා සිටියේය. නැවත තරගය ආරම්භ වන විට සිම්බාබ්වේ කණ්ඩායමට ඕවර 24 කදී ලකුණු 129 ක් රැස්කිරීමට අලුත් ඉලක්කයක් හිමිවූ නමුත්, ඕවර 21.1 ක් අවසානයේ ඔවුන්ට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 89 ක් පමණි.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මල්ෂ තරුපති ඕවර 4 ක් යවා ලකුණු 17 කට කඩුලු 4 ක් බිඳහෙළමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. රුවිෂාන් පෙරේරා සහ විෂ්ව කඩුලු 2 බැගින් දවාගනිමින් සිම්බාබ්වේ යොවුන් පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා මල්ෂට අනගි සහායක් ලබාදුන්නේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඕවර 48.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 204 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ දිනුර කළුපහණ පන්දු 55 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 60 ක් රැස්කළේය.
ලකුණු 88 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී 6 වැනි කඩුල්ල වෙනුවෙන් ශාරුජන් ශන්මුගනාදන් (නොදැවී 41) සමග එක්ව පන්දු 72 කදී ලකුණු 80 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමටද දිනුර සමත් විය. පන්දු 40 කට මුහුණදුන් ශන්මුගනාදන්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.
ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 204
(රවිෂාන් ද සිල්වා 31, රූසඳ ගමගේ 31, දිනුර කළුපහණ 60, ශාරුජන් ශන්මුගනාදන් නොදැවී 41, කෝල් එක්ස්ටීන් 40/3, මැතිව් ස්චොන්කෙන් 36/2, නෙව්මාන් න්යම්හූරි 50/2)
සිම්බාබ්වේ යොවුන් පිල - ඕවර 21.1 කදී සියලු දෙනා දැවී 89
(මැතිව් ස්චොන්කෙන් 27, මල්ෂ තරුපති 17/4, රුවිෂාන් පෙරේරා 02/2, විෂ්ව ළහිරු 12/2)
-036
Pradeep Kumara Monday, 22 January 2024 08:29 AM
ලොකු අයියලාගේ වගේම මල්ලිලාගෙත් මුල්පෙළ තමයි අසාර්ථක. අමතක කරන්න එපා... ඔය ගැහුවේ සිම්බාබ්වේට කියලා. ප්‍රබල රටවල් ටික තව එහෙම්මයි...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.