Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා යොවුන් පිලට “ලිට්ල් සංගාත්” එක්වෙයි

ශ්‍රී ලංකා යොවුන් පිලට “ලිට්ල් සංගාත්” එක්වෙයි

editorial - 2023 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ සිව්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් පිලේ නායකත්වය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධන තෝරාගනු ලැබ ඇත. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ මල්ෂ තරුපති කණ්ඩායමේ උපනායකයා ලෙස පත්කර තිබේ.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට කඩුලු රකින්නෝ තිදෙනෙක් ඇතුළත්ව සිටිති.

සුප්‍රකට ක්‍රිකට් විස්තර විචාරක, අභාවප්‍රාප්ත ටෝනි ග්‍රෙග් මහතා විසින් වසර ගණනාවකට ඉහතදී “ලිට්ල් සංගා” යනුවෙන් හඳුන්වන ලද, සාරුජන් ශන්මුගනාදන් ද ශ්‍රී ලංකා යොවුන් පිලට ඇතුළත්ව සිටී. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ ප්‍රධාන ලකුණු පුවරුව පාමුල ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටියදී, ටෝනි ග්‍රෙග් මහතාගේ අවධානයට ලක්වන විට ශාරුජන් ශන්මුගනාදන් යන්තම් වයස අවුරුදු 5 කට ආසන්න දරුවෙකි.

බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර යොවුන් එක්දින තරග 3 ක් සහ යොවුන් සිව්දින තරග දෙකක් පැවැත්වෙයි. මෙම තරග සියල්ලම රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.


ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිලට “ලිට්ල් සංගාත්” එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.