Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව යොවුන් එක්දින තරගාවලිය ආරම්භ කරමින් අද (27 වැනිදා) දඹුල්ලේදී පැවැති පළමු තරගයේදීම ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ කඩුලු 6 ක පහසු ජයක් ලබාගත්හ. තරග තුනකින් සමන්විත තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම 1-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටී.
දකුණතින් වේග පන්දු යවන ගරුක සංඛේත් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 5 ක් දවාගැනීම නිසා කොදෙව් පිල ලකුණු 223 කට සීමා විය. ලකුණු 45 කට කඩුලු 3 ක් දවාගත් දිනුර කළුපහන, පන්දු 42 කින් ලබාගත් ලකුණු 52 නිසා කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 224 ක් ලබාගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඕවර 6.5 ක් ඉතිරිව තිබියදී තරගය ජයගත්හ.
ලකුණු 224 ක පහසු ඉලක්කයක් අබිමුව තිබුණ නමුත් ශ්‍රී ලංකා යොවුන් පිලේ පළමු කඩුල්ල වේලාසනින්ම බිඳ වැටිණ. එහෙත් මැද පෙළ පිතිකරුවන් වූ රවිශාන් ද සිල්වා (65), සුපුන් වඩුගේ (56), දිනුර කළුපහන (නොදැවී 52) සහ ශාරුජන් ශන්මුගනාදන් (නොදැවී 20) ශ්‍රී ලංකා යොවුන් පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.
කාසියේ වාසිය දිනාගත් කොදෙව් යොවුන් පිලේ නායක ස්ටීවන් පැස්කල් පළමුවෙන්ම ලකුණු රැස්කරීම තෝරාගත් අතර ඔව්හු හොඳ ආරම්භයක් ලබාගත්හ. පළමු කඩුල්ල වෙනුවෙන් ඕවර 12 කදී ලකුණ 58 ක් එක්කළ ඒඩි්‍රයන් වියර් (32) සහ නායකයා (29) ඕවරයකදී ලකුණු 5.00 කට ඉතාම ආසන්න වේගයක් පවත්වාගෙන ගිය නමුත් විශ්ව ළහිරු හමුවේ ඒඩි්‍රයන් දැවී යාමත් සමගින් කොදෙව් යොවුන් පිතිකරුවෝ සසළ වූහ.
අංක 3 පිතිකරුවා වූ ජොෂුවා ඩෝන් (0) මුහුණ දුන් තුන්වැනි පන්දුවේදීම දැවී ගිය අතර නායක ස්ටීවන් පැස්කල් දැවීයාමෙන් පසු කොදෙව් යොවුන් පිලේ ඉනිම එකතැන කඩාවැටිණ. ඕවර 12 කදී කිසිවකු නොදැවී ලකුණු 58 ක් ලබා සිටි කොදෙව් යෞවනයෝ ඊළඟ ඕවර 12 දී ලකුණු 38 කට කඩුලු 6 ක් අහිමි කරගත්හ. දකුණත් වේග පන්දු යවන්නා වූ ලියිසියම් අන්තර්ජාතික පාසලේ ගරුක සංඛේත් මුල් කඩුලු 6 න් කඩුලු 4 කට හිමිකම් කීවේය.
මෙම අවස්ථාවේදී එක්වූ නතාන් සීලි සහ තරීක් එඩ්වඩ් දෙදෙනා, හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් මුලු ලකුණු සංඛ්‍යාව 170 ක් දක්වා ඉහළ දැමූ නමුත් ආරම්භක පන්දු යවන්නා වූ දිනුක කළුපහන පැමිණ එම සම්බන්ධතාව බිඳ හෙළුවේ තරීක් එඩ්වඩ් පිටියෙන් ඉවත් කරමිනි.
නතාන් සීලි මුලු ලකුණු සංඛ්‍යාව 220 දක්වාම ඇදගෙන ගියද, ඔහුගේ දැවී යාමෙන් පසුව පන්දු දෙකක් ඇතුළත කොදෙව් යොවුන් පිලේ ඉනිම නිමාවිය.
බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම - ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 223 යි
(ඒඩි්‍රයන් වියර් 32, ස්ටීවන් පැස්කල් 29, ජෝර්ඩ්න් ජොන්සන් 18, ජෙවෙල් ඇන්ඩෲ 11, නතාන් සීලි 75, තරික් එඩ්වඩ් 27, ගරුක සංඛේත් 48/5, දිනුර කළුපහන 45/3)
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - ඕවර 43.1 කදී කඩුලු 4 ක් දැවී 224 යි
(පුලිඳු පෙරේරා 11, රවිශාන් නෙත්සර 65, සුපුන් වඩුගේ 56, දිනුර කළුපහන නොදැවී 52, ශාරුජන් ශන්මුගනාදන් නොදැවී 20, නතාන් එඩ්වඩ්ස් 43/3)
ගරුක සංඛේත් කඩුලු 5ක් ලබා...
රවිෂාන් නෙත්සර සහ සුපුන් වඩුගේ...
සුපුන් වඩුගේ...
රියොන් එඩ්වර්ඩ්ස් කඩුල්ලක් ලබා..
නතාන් සීලි...
රවිෂාන් ද සිල්වා...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.