Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා යෞවනයෝ වැඩි ගෞරව දිනාගනිති
සිව්දින තරගය

ශ්‍රී ලංකා යෞවනයෝ වැඩි ගෞරව දිනාගනිති

editorial - 2023 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 245 ක වාසියක් ලබා සිටි නමුත් බටහිර ඉන්දීය යොවුන් කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති සිව්දින තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ සිව්වැනි සහ අවසන් දිනය වූ අද (08 වැනිදා) පස්වරු 4.45 ට පමණ තරගය අතහැර දමන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 4 ක් දැවී ලකුණු 122 ක් ලබා සිටියේය.

මුල් දින තුනේදීම වර්ෂාවෙන් බාධා පැමිණි තරගයේ අවසන් දිනය වූ අද කොදෙව් යොවුන් කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 309 කට සීමා කිරීමට ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රීඩකයෝ සමත් වූහ. පිට දඟ පන්දු යවන්නා වූ විහස් තෙව්මික (78/6) කොදෙව් පිතිකරුවන් අන්දමන්ද කරද්දී වමතින් පා දඟ පන්දු යවන විශ්ව ළහිරු (61/3) තවත් පිතිකරුවන් තිදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවීය. දඟ පන්දු යවන්නන් දෙදෙනා එක්ව කඩුලු 10 න් 9 ක් බිම දමද්දී  කොදෙව්වන් වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ ජෝර්ඩ්න් ජොන්සන් ලකුණු 149 ක් ලබාගත්තේය.

කොදෙව් යොවුන් ඉනිමේ හත්වැනි පිතිකරුවා ලෙසින් ජොන්සන් දැවී යන විට පන්දු 207 කට මුහුණ දී සිටි හෙතෙම, හතරේ පහර 11 ක් සහ හයේ පහර දෙකක් සිය ඉනිමට ඇතුළත් කර තිබිණ.

මුල් ඉනිමේදී ලකුණු 123 ක වාසියක් අත්කරගත් ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවෝ, දෙවැනි ඉනිමේදීත් සාර්ථක පිතිහරඹයක නිරත වෙමින්, තරගය අවසන් වන විට කඩුලු 4 කට ලකුණු 122 ක් ලබා සිටියහ. තරමක් වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වූ රවිශාන් නෙත්සර ලකුණු 50 ක් ලබාගත්තේ මුහුණ දුන් පන්දු 52 න් 8 ක්ම හතරේ සීමාවෙන් එපිටට යවමිනි.

 

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - පළමු ඉනිම කඩුලු 8 ක් දැවී 432 යි
බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම - පළමු ඉනිම 309 යි

(ඒඩි්‍රයන් වියර් 15, ස්ටීවන් පැස්කල් 11, ජෝර්ඩ්න් ජොන්සන් 149, ස්ටීවන් වැඩර්බර්න් 41, නතාන් එඩ්වඩ් 36, තරීක් එඩ්වඩ් 10, විශ්ව ළහිරු 61/3, විහස් තෙව්මික 78/6)

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - දෙවැනි ඉනිම කඩුලු 4 ට 122 යි
(පුළිඳු පෙරේරා 13, රවිශාන් නෙත්සර 50, ශාරුජන් ශන්මුගනාදන් නොදැවී 26, දිනුර කළුපහන නොදැවී 22)

 

විහස් තෙව්මික...

 

ජෝර්ඩ්න් ජොන්සන්...


අදහස් (0)

ශ්‍රී ලංකා යෞවනයෝ වැඩි ගෞරව දිනාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.