Last Update  :  2025-03-14 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා ජයග්‍රාහකයෝ

ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා ජයග්‍රාහකයෝ

editorial - 2024 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ආසිආටා පුද්ගලික සමාගමේ අනුග්‍රහය යටතේ සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ සහයෝගයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ ‘ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024’ ක්‍රීඩා සැණකෙළිය මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ප්‍රවර්ධනය කරමින් සාර්ථක ලෙස නිමාවට පත් විය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, ශ්‍රී ලංකා රග්බි සංගමය, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, ශ්‍රී ලංකා හොකී සම්මේලනය, ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම තරගාවලියේ තරග සංවිධානය සඳහා එක්ව සිටි අතර එහිදී ක්‍රිකට්, රග්බි, පාපන්දු, වොලිබෝල්, හොකී, පැසිපන්දු සහ දැල්පන්දු යන ක්‍රීඩාවන් සඳහා තරග පැවැත්විණ. 

ප්‍රීමා, අලියා සිසිල් බීම, සිනමන් හෝටල් සමූහය, ඇමරිකන් වෝටර්, ෆ්‍රොස්ටි, 100 ප්ලස් සහ ලයිකා යන සමාගම් සහ ආයතන සෙසු අනුග්‍රාහකයන් ලෙස මෙම ක්‍රීඩා උළෙලට දායකත්වය දැක්වූහ. සැණකෙළියෙහි විශේෂ අංගයක් ලෙස පැරිස් 2024 පැරලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා පැරලිම්පික් කණ්ඩායම පිළිගෙන එම උළෙල සඳහා ඔවුන් පිටත් කර හැරීමද සිදුකෙරිණි. 

කොළඹ තුරග තරග පිටියේදී පැවති ගුවන් හමුදාපති කුසලාන රග්බි තරගාවලිය ගුවන් හමුදාවේ සත්කාරකත්වයෙන් පැවැති අතර එහිදී පිරිමි ශූරතාව දිනාගැනීමට පොලිසියත්, කාන්තා ශූරතාව දිනාගැනීමට නාවික හමුදාවත් සමත් වෙද්දී, වයස අවුරුදු 16 න් පහළ ශූරතාව දිනාගැනීමට කොළඹ වෙස්ලි විදුහල සමත් විය. 

තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී හා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවති දහයයි-10 ක්‍රිකට් තරගාවලිය කොළඹ, දඹුල්ල, යාපනය, ගාල්ල සහ මහනුවර යන කණඩායම්වල සහභාගීත්වයෙන් පැවැති අතර එහි ශූරතාව දිනාගනු ලැබුවේ දුනිත් වෙල්ලාලගේ නායකත්වය දැරූ ගාල්ල කණ්ඩායම විසිනි.  

ශ්‍රී ලංකා වොලිබෝල් සංම්මේලනය් මෙහෙයවීම යටතේ සංවිධානය කෙරුණු ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය කොළඹ, ශ්‍රී ලංකා ගුවන් හමුදා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වූයේ රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය ශූරයන් බවටත්, මාස් ක්‍රීඩා සමාජය ශූරියන් බවටත් බවට පත් කරමිනි. 

ශ්‍රී ලංකා පැසිපන්දු සංගමය විසින් මෙහෙයවනු ලැබූ 3×3 පැසිපන්දු තරගාවලිය සඳහා කාන්තා සහ පිරිමි කණ්ඩායම් 24 ක් කරට කර තරග වැදුණු අතර ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ට කණ්ඩායම් 12 ක් සහභාගි කර ගනිමින් පැවැති මිනි පාපන්දු තරගාවලිය කොළඹ තුරඟ තරග පිටියේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්විණ.  

දැල්පන්දු ශූරතාව දිනාගැනීම සඳහා කණ්ඩායම් 20 ක් ටොරින්ටන් පිටියේදී තරග වැදුණු අතර එහි ශූරතාව මලියදේව බාලිකා විද්‍යාලයට හිමි විය. වැසි සහිත කාලගුණය මධ්‍යයේ ටොරින්ටන් පෙදෙස කෘතිම හොකී ක්‍රීඩාංගණයේදී පැවැති ජනාධිපති රන් කුසලාන හොකී තරගාවලියට ජ්‍යෙෂ්ඨ සහ වයස අවුරුදු 20 න් පහළ යන කාණ්ඩ දෙක යටතේ කණ්ඩායම් 33 ක් සහභාගි විය.

 

ඩයලොග් ආසිආටා පුද්ගලික සමාගමේ සමූහ ප්‍රධාන තොරතුරු නිලධාරී අසේල පෙරේරා, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කනපතිපිල්ලේ මහේසන්, සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ ගරු ජනාධිපති උපදේශක හරින් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ, ක්‍රීඩා  සංවර්ධන දෙපාර්තමේනතුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ශෙමාල් ප්‍රනාන්දු, ඩයලොග් ආසිආටා පුද්ගලික සමාගමේ උපසභාපති - සන්නාම හා මාධ්‍ය හර්ෂ සමරනායක සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි සභාපති එයාර් කොමදෝරු සුබාෂ් ජයතිලක යන පිරිස ජයග්‍රාහි කණ්ඩායම්හි නායකයින් සමග..

-036


අදහස් (0)

ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා ජයග්‍රාහකයෝ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.