Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා හොකී පිළ අද තරගබිමට

ශ්‍රී ලංකා හොකී පිළ අද තරගබිමට

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කළාපයේ ප‍්‍රධානතම ක‍්‍රීඩා උළෙල වන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ කරමින් එහි සමාරම්භක උළෙල ‘ඉංචියොන් ප‍්‍රධාන ක‍්‍රීඩාංගණයේදී අද (19) පස්වරුවේදී පැවැත්විණි.

ශ‍්‍රී ලංකාව හොකී පිල පාකිස්තානයට එරෙහිව හෙට (20) තරග බිමට පිවිසෙයි. එම තරගය කොරියානු වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ වීමට නියමිතය.

දකුණු කොරියානු දේශපාලන ප‍්‍රධානීන් ඇතුඵ ආසියානු කළාපයේ විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් විචිත‍්‍රවත් සමාරම්භක උළෙල කොරියානු වේලාවෙන් පස්වරු 6.00 ට ආරම්භ විය.

මෙම ප‍්‍රධාන ක‍්‍රීඩාංගණයේ 60,000 කට අධික පිරිසකට එකවර ආසන පහුසකම් සහිත අති දැවැන්ත ක‍්‍රීඩාංගණයක් වූ අතර එම ක‍්‍රීඩාංගණය ආසියාවේ ක‍්‍රීඩා ශූරයන්ගෙන් පිරි ඉතිරි ගියේය.

ආසියාවේ නම් දැරූ කළාකරුවන්ගේ සහ කොරියානු සංස්කෘතික අංග රැසකින් සමාරම්භක උළෙල වර්ණවත් විය.

මෙම තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 80 කින් සමන්විත ශ‍්‍රී ලංකා කණ්ඩායම් නායකයා වන පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා ද්විත්ව පදක්කම් ලාභී බර ඉසිලීමේ ක‍්‍රීඩක චින්තන විදානගේ සමාරම්භක පෙළපාලියේදී ශ‍්‍රී ලංකා ධජය අතැතිව ගමන් කළේය.   

මෙම ක‍්‍රීඩා උළෙලට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම, බොක්සිං, හොකී ඇතුඵ ක‍්‍රීඩා කීපයක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පමණක් අද සමාරම්භක උළෙලට සහභාගි වූ අතර සෙසු ශ්‍රී ලංකා කණ්ඩායම් ඉදිරි දිනවලදී ඉංචියොන් නුවරට පැමිණීමට නියමිතය.

ශ‍්‍රී ලංකාව සහභාගි වන ක‍්‍රීඩා අතරින් කාන්තා ක‍්‍රිකට් තරගාවලිය හෙට (20) ආරම්භ වන අතර ශ‍්‍රී ලංකා පිල අර්ධ අවසන් පූර්ව වටයේ සිට තරගාවලියට ක‍්‍රීඩා කිරීම නිසා 23 වැනිදා සිට තරගවලට සහභාගි වීමට නියමිතය.

ශ‍්‍රී ලංකාව සහභාගි වන පළමු මලල ක‍්‍රීඩා ඉසව්ව මෙම 27 වැනිදා පැවැත්වේ. චන්ද්‍රිකා සුභාෂිණි රස්නායක මීටර 400 කාන්තා ඉසව්වට එහිදී පළමුවෙන් තරගවදී.

ශ‍්‍රී ලංකාව පදක්කමක් බලාපොරොත්තුවෙන් සිටින පිරිමි විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයට ශ‍්‍රී ලංකා පිල මේ මස 25 වැනිදා සහභාගිවීමට නියමිතය.  

ආසියානු ඔලිම්පික් සභාව සිවු වසරකට වරක් සංවිධානය කරන මෙම දැවැන්ත ක‍්‍රීඩා උළෙලට රටවල් 45 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 13,000 කට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිත අතර මේ වන විට 10,000 කට අධික පිරිසක් ක‍්‍රීඩා ගම්මානයේ කදවුරු බැද සිටිති.

තරගාවලිය ආවරණය කිරීමට 9000 කට අධික මාධ්‍යවේදීන් අයැදුම්කර ඇති බවත් ඉන් 7,000 කට අධික පිරිසක් මේ වන විට දකුණු කොරියාවට පැමිණ සිටින බවත් ආසියානු ක‍්‍රීඩා උළෙලේ සංවිධාන කමිටු ප‍්‍රධානියකු ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසීය.

ඉංචියොන් නුවර ක‍්‍රියාත්මක නිල මාධ්‍ය මධ්‍යස්ථානයේ අද (19) පස්වරුවේ 2000 කට ආසන්න පිරිසක් අසුන්ගෙන සිටියහ.  

ප‍්‍රධාන ක‍්‍රීඩාංගණය, සෙසු ක‍්‍රීඩාංගණ 48 ක්, පුහුණු පහසුකම් සහිත ක‍්‍රීඩාංගණ 48 ක් ඇතුළුව ක‍්‍රීඩාංගණ 97 ක ක‍්‍රීඩා උළෙල ක‍්‍රියාත්මක වේ. තරගාවලිය වෙනුවෙන්ම නව දැවැන්ත ක‍්‍රීඩාංගණ 10 ක් ඉදිකර තිබේ.

ආසියානු කළාපයේ ක‍්‍රීඩාවේ ප‍්‍රබලයා වන චීනය මෙවර ක‍්‍රීඩා උළෙලට ක‍්‍රීඩා 32 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 900 ක් සහභාගි කරවීමට සූදානමින් සිටියි.

සත්කාර දකුණු කොරියාව ක‍්‍රීඩා 32 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 831 ක් සහ ප‍්‍රබල ජපානය ක‍්‍රීඩා 32 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 717 ක් ක‍්‍රීඩා උළෙලට සහභාගි කරවීමට සූදානමින් පසු වෙයි.

දකුණු කොරියාව සමග දේශපාලන අර්බුද හේතුවෙන් විරසකයට පත්ව සිටින උතුරු කොරියාව ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 273 ක් සහභාගි කරවීම මෙහිදී කැපී පෙනේ.

කෙසේ වෙතත් මෙවැනි දැවැන්ත ක‍්‍රීඩා උළෙලක් තම රටේ පැවැත්වුණත් කොරියානුවන්ට එතරම් උනන්දුවක් නොමැති බව පෙණුනි. විශාල භූමි ප‍්‍රදේශයක පැතිරි ඇති ඉංචියොන්හි ක‍්‍රීඩාංගණ හා අවට ප‍්‍රදේශවල පමණක් ක‍්‍රීඩා උළෙල පැවැත්වෙන බවට දැන්වීම් හා බැනර් කීපයක් දැකිය හැකි විය.

පුරා දින 15 ක් පැවැත්වෙන මෙම ක‍්‍රීඩා උළෙල ලබන ඔක්තෝම්බර් මස 4 වැනිදා අවසන් වේ.

    

 

 

 


අදහස් (0)

ශ්‍රී ලංකා හොකී පිළ අද තරගබිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.