Last Update  :  2024-11-22 11:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 19 ක ජයක්

ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 19 ක ජයක්

editorial - 2024 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති කාන්තා විස්සයි-20 තරගයේදී බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩිකාවෝ ලකුණු  19 ක පහසු ජයක් අත්කර ගත්හ. 

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වෙත පැවරූහ. 

ඕවර 9 ක් නිමාවේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ කඩුලු 4 ක් ලකුණු 40 කට බිඳ වැටී තිබිණ. එහෙත් එතැන් සිට එක්වූ සත්‍යා සංදීපනී (නොදැවී 46), පියුමි වත්සලා (29) සහ මල්ෂා ෂෙහානි (නොදැවී 21) තිදෙනා, ඕවර 11 කදී ලකුණු 84 ක් තම කණ්ඩායමට එකතු කළහ. 

සත්‍යා සංදීපනී පන්දු 33 කට මුහුණ දෙමින් හතරේ පහර 3 කින් සහ හයේ පහරකින් සිය ඉනිම අලංකාර කළාය. මල්ෂා ෂෙහානි පන්දු 14 කින් ලකුණු 21 ක් ලබාගත්තාය. 

බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම ලකුණු 105 කට සීමා කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ හතර දෙනෙක්, අයකුට දෙකක් බැගින් කඩුලු 8 ක් බෙදාහදා ගත්හ. 


ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ - ඕවර 20 කදී කඩුලු 5 ට 124 යි
(සත්‍යා සංදීපනී නොදැවී 46, පියුමි වත්සලා 29, මල්ෂා ෂෙහානි නොදැවී 21, මරූෆා අක්තාර් 21/2, ෆාහිමා කාතුන් 13/2)

බංග්ලාදේශ කාන්තා ‘ඒ’ - ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 105 යි
(ශාමිමා සුල්තාන් 38, තාජ් නේහාර් 15, ෂෝනා අක්තාර් 28, චේතනා විමුක්ති 15/2, නිමේෂා මධුෂානි 22/2, තාරුකා ෂෙහානි 19/2, දෙව්මි විහංගා 21/2)


- විග්‍රහය - ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු පුවරුව ඇසුරිනි


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 19 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.